Cricket NewsEXCLUSIVEIPL

බිඳ වැටුණු Gujarat Titans ඉණිම ගොඩ නැගු නායක Hardik Pandyaගේ ගිනිකෙළි සැණකෙළිය – තරඟාවලියේ වැඩිම ලකුණු ලාභියා බවටත් පත් වෙයි.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර අද තරගාවලියේ 24වන තරගය ලෙස Gujarat Titans සහ Rajasthan Royals කණ්ඩායම අතර තරඟය ආරම්භ වුවා.

තරඟයේ කාසියේ වාසිය දිනු Rajasthan Royals නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා Gujarat Titan කණ්ඩායමට ආරාධනා කර සිටියා ඒ අනුව පිටියට පිවිසි Gujarat Titan පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 192ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩ නැගීමට සමත් වුනා.

කෙසේ නමුත් ලකුණු 15කට කඩුලු 2ක් බිඳ වැටි Gujarat Titan කණ්ඩායම දැඩි පිඩනයක සිටි අවස්ථාවක පිටෝයට පිවිසි Gujarat Titan නායක Hardik Pandya සුපිරි පිතිකරණයක් දියත් කරමින් බිඳ වැටුණු මුල් පෙළ ශක්තිමත් කිරීමට සමත් වූ අතර ඉන් නොනැවතී දැවැන්ත ලකුණු පුවරුවක් කරා Gujarat Titan ඉනිම ගෙන යාමටද ඔහු කටයුතු කළා.

පන්දු 52ක් පුරා විහිදුනු ඔහුගේ ඉනිම දැවැන්ත හයේ පහර 4කින් සහ හතරේ පහර 8කින් වර්ණවත් වූ ලකුණු 87ක් වුවා.මෙම සුපිරි ඉනිම හේතුවෙන් මෙවර තරඟාවලියේ මෙතෙක් වැඩිම ලකුණු ලාභියා බවට පත් වීමටද Hardik Pandyaට හැකියාව ලැබුනා.

Hardik Pandyaගේ එම සුපිරි ඉනිම පති නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7