Cricket NewsEXCLUSIVEIPL

තමිල්නාඩුවේ දැඩි විරෝධය මැද CSK වෙත එක් වූ මහීෂ් තීක්ෂණ, මෙවර තරඟාවලියේ CSK කණ්ඩායමේ සාර්ථකම දඟ පන්දු යවන්නා වූ හැටි.!

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට වසර ගණනාවකට පසු ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු එක්විය.කලක පටන් චෙන්නායි කණ්ඩායමට ලාංකික ක්‍රීඩකයෙකු එක් නොවූයේ තමිල්නාඩුව ප්‍රමුඛ ජනතාවගේ විරෝධතාවය හේතුවෙනි. කෙසේ නමුත් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීගයට මහීෂ්ව මිලදී ගන්නට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම තීරණය කලේය.

මහීෂ් තරඟ කිහිපයක් නිමාවීමෙන් අනතුරුව චෙන්නායි වෙනුවෙන් සන්රයිසස් හයිද්‍රාභාද් පිලට IPL වරම් දිනාගත්තේය. මංගල තරඟය කඩුලු නොමැතිව මහීෂ් තමන්ගේ පන්දුවාර 4 ලකුණු 31 කට සීමා කරන්නට සමත් විය.

දෙවැනි තරඟයේදී රෝයල් චැලේන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායමට එරෙහිව ලකුණු 33 කට කඩුලු 4 ක් බිඳ දැමීය.මහීෂ්ගේ තෙවැනි IPL තරඟය වන විට චෙන්නායි කණ්ඩායමේ ස්ථාවර මෙන්ම නිත්‍ය දඟ පන්දු යවන්නා බවට මහීෂ් පත්විය.

ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 2 ක් බිඳ දැමූ මහීෂ් ඒ සඳහා ලබා දෙන්නේ ලකුණු 24 ක් පමණි.

ජාතික කණ්ඩායම වෙනුවෙන් මහීෂ්ගේ කාර්‍ය වූයේ නිලකුණු පන්දු යොමු කිරීමය එනම් වනිඳු හසරංග හට කඩුලු ලබාගන්නට අවකාශය නිර්මාණය කිරීමය. එය නිමාව දුටු ලෝක කුසලානයේදී ඔහු මනාව ඉටු කලේය.

මෙවර IPL තරඟාවලියේ දී ඔහු චෙන්නායි පිලේ ප්‍රධානතම තුරුම්පුව විය.ගුජරාට් පිලට එරෙහිව මහීෂ් පළමු පවර්ප්ලේ අවස්ථාව තුලදී පන්දු යැවීමට කැඳවන්නේ දෙවන පන්දුවාරයේ සිටමය.එහ්දී කඩුල්ලක් ලබාගත් මහීෂ් පලමු පවර්ප්ලේ අවස්ථාව තුලදී පන්දුවාර 3 ක් ක්‍රියාත්මක කලේය.එහිදී මහීෂ් කඩුලු දෙකක් බිඳ හෙලමින් තරඟය චෙන්නායි කණ්ඩායම දෙසට ගෙන ආවේය.

මහීෂ්ගෙ සාමාන්‍ය පන්දු යැවීමේ වේගය ඔහු පැයට කිලෝමීටර 80 ත් 90 ත් අතර අගයක පවත්වාගත්තේය.කෙසේ නමුත් අවසන් තරඟයේදී ඛු තමන්ගේ සිව්වැනි පන්දුවාරය වූ තරඟයේ 16 වැනි පන්දුවාරය යොමු කිරීමේදී මහීෂ්ගේ පන්දු යැවීමේ වේගයේ විශාල වෙනසක් දක්නට ලැබුණි.

අවසන් පන්දුවාර 4 තුල මහීෂ් ක්‍රියාත්මක කල එම පන්දුවාරයේදී ඩේවිඩ් මිලර්ට එරෙහිව හොඳ පීඩනයක් ගොඩනගමින් ඔහුගේ සාමාන්‍ය වේගය පැයට කිලෝමීටර 100 ඉක්මවා පන්දු කිහිපයක් යොමු කලේය.

මෙය සාපේක්ෂව දඟ පන්දු යවන්නන් නොකරන දෙයකි.නමුත් සීමිත පන්දුවාර ආකෘති තුල දඟ කැවීම මෙන්ම වේගයද සංකලනය කිරීමට දැන් මහීෂ්ට පන්නරය ලැබුණේ චෙන්නායි පුහුණු වීම් තුලින් විය හැක.

ඔහු එම තරඟය නිමා කලේ පන්දු යැවීමේදී චෙන්නායි කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩකයෙකු එම තරඟයේදී දැක්වූ විශිෂ්ඨතම දස්කම දක්වමිනි.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button