Cricket KnowledgeCricket NewsEXCLUSIVE

ක්‍රීඩා ඇමැති හරින් තම බල­තල දෙවැ­නි­යාට පව­රයි

ක්‍රීඩා හා යෞවන කට­යුතු ඇමැති හරින් ප්‍රනාන්දු මහතා සතු අමා­ත්‍යාංශ බල­තල අති විශේෂ ගැසට් පත්‍ර­යක් මඟින් ක්‍රීඩා හා යෞවන කට­යුතු රාජ්‍ය ඇමැ­ති­ව­රයා වෙත පව­රයි. ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාවේ 44 (2) ව්‍යව­ස්ථා­වට අනුව තමන් වෙත පවරා ඇති විෂ­ය­යන් හා කාර්ය­යන් පසු­ගිය වසරේ දෙසැ­ම්බර් මස 1 වැනි දින සිට ක්‍රියා­ත්මක වන පරිදි පවරා දෙනු ලබන බව ඇමැ­ති­ව­රයා නිවේ­ද­නය කර ඇත.

ඒ අනුව ක්‍රීඩා හා යෞවන කට­යුතු විෂ­ය­යන්ට අදාළ ප්‍රති­පත්ති සම්පා­ද­න­යට සහාය වීම, ජාතික අය­වැය, රාජ්‍ය අයෝ­ජන හා ජාතික සංව­ර්ධන වැඩ­පි­ළි­වෙළ යටතේ ඇති ව්‍යාපෘති ක්‍රියා­ත්මක කිරීම රාජ්‍ය ඇමැ­ති­ව­රයා වෙත පව­රාදී තිබේ.

එමෙන්ම තරු­ණ­යන් සමාජ විරෝධී අංශ වෙත යොමු­වීම වළ­ක්ව­මින් පාසල් අධ්‍යා­ප­නයේ සිට විෂය බාහිර ක්‍රියා­කා­ර­ක­මක් වශ­යෙන් ද, යෞවන සමාජ, ක්‍රීඩා සමාජ හරහා ද, ක්‍රීඩා කට­යුතු තාරුණ්‍ය වෙත හඳු­න්වා­දීම සඳහා වැඩ­පි­ළි­වෙ­ළක් සක­ස්කි­රීම ද රාජ්‍ය ඇමැ­ති­ව­ර­යාට පැවැරී ඇත.

අධ්‍යා­ප­න­යට අම­ත­රව ශාරී­රික අධ්‍යා­ප­නය හා ක්‍රීඩා සඳහා පාසල් දරු­වන් ආක­ර්ෂ­ණය කිරීම මඟින් සෞඛ්‍ය සම්පන්න ළමා පර­පු­රක් සඳහා වැඩ පිළි­වෙ­ළක් ක්‍රියා­ත්මක කිරීම, දිව­යින පුරා විසිරී ඇති ග්‍රාමීය පාස­ල්වල ක්‍රීඩා­වට දක්ෂතා දක්වන දරු­වන් කුඩා කාලයේ සිටම හඳු­නා­ගෙන ඔවුන්ගේ කුස­ල­තා­ව­යන් ජාත්‍ය­න්තර මට්ටම දක්වා ගෙන ඒමට අවශ්‍ය නිසි පෝෂ­ණය සහ පුහු­ණුව ඇතුළු පහ­සු­කම් සප­යන වැඩ­ස­ට­හ­නක් ක්‍රියා­ත්මක කිරීම, ක්‍රීඩා උප­දේ­ශ­ක­යන්, පුහු­ණු­ක­රු­වන් සහ භෞතික චිකි­ත්ස­ක­යන් වැනි ක්‍රීඩාවේ දියු­ණු­වට අවශ්‍ය සම්ප­ත්දා­ය­ක­යන් බිහි­කි­රීම සඳහා විශේෂ වැඩ­පි­ළි­වෙ­ළක් ක්‍රියා­ත්මක කිරීම, දිව­යින පුරා පිහිටි ක්‍රීඩා­ගාර හා ක්‍රීඩා භූමි පිළි­ගත් ප්‍රමි­ති­ක­ර­ණ­යට ලක් කොට ඒවා ඊට ගැළ­පෙන අයු­රින් සංව­ර්ධ­නය කිරීම, ග්‍රාමීය ක්‍රීඩා සංව­ර්ධ­නය සඳහා අවශ්‍ය ක්‍රීඩා උප­ක­රණ සහ භාණ්ඩ බෙදා දීම, දේශීය සම්ප්‍ර­දා­යික ක්‍රීඩා ප්‍රව­ර්ධ­නය සඳහා වැඩ­පි­ළි­වෙ­ළක් සකස් කිරීම, ජාත්‍ය­න්තර ප්‍රමි­තීන්ට අනු­කූ­ලව ක්‍රීඩා අධ්‍යා­ප­නය පුළුල් කිරීම, ක්‍රීඩා අධ්‍යා­ප­නය, පුහු­ණුව හා පර්යේ­ෂණ ප්‍රව­ර්ධ­නය කිරීම වැනි විෂ­යන් පවරා ඇති බල­තල වේ.

ශ්‍රී ලංකා උත්තේ­ජක මර්දන නියෝ­ජි­තා­ය­ත­නය, ක්‍රීඩා වෛද්‍ය ඒක­කය හා ජාතික ක්‍රීඩා විද්‍යා­ය­ත­නය ක්‍රීඩා හා යෞවන කට­යුතු රාජ්‍ය ඇමැති රෝහණ දිසා­නා­යක මහතා යට­තට පත්කොට තිබේ.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button