Cricket NewsEXCLUSIVEIPLMatch Review

වනිඳු හසරංගගේ විශිෂ්ට පන්දු යැවීම අපතේ යවමින්, භානුකගේ Punjab Kings ඉදිරියේ RCBට ලකුණු 54ක් දැවැන්ත පරාජයක්.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර අද තරගාවලියේ 60වන තරගය ලෙස භානුක රාජපක්ෂ ක්‍රීඩා කරන Punjab Kings සහ වනිඳු හසරංග ක්‍රීඩා කරන Royal Challengers Bangalore කණ්ඩායමත් අතර පැවති තරඟයෙන් ලකුණු 54ක ජයග්‍රහණයක් හිමි කර ගනිමින් තරඟාවලිය තුල තව දුරටත් බලපොරොත්තු රඳවා ගැනීමට Punjab Kings කණ්ඩායම සමත් වුනා.

අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Royal Challengers Bangalore නායක FAF ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා Punjab Kings කණ්ඩායමට ආරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි Punjab Kings පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 209ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩ නැගීමට සමත් වුනා.

එහිදී Punjab Kings කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා ලෙස පිටියට පිවිසි Jonny Bairstow අද දිනයේදී සුපිරි පිතිකරණයක් දියත් කරනු ලැබුවේ පන්දු 29ක් තුල අධි වේගී ලකුණු 66ක් රැස් කරමිනි.ඔහුගේ මෙම සටන්කාමී ඉනිමට දැවැන්ත හයේ පහර 8ක් සහ හතරේ පහර 4ක් ඇතුලත් වූනා.

ඊට නොදෙවෙනි ඉනිමක් දියත් කල Liam Livingstone පන්දු 42කදී ලකුණු 70ක් රැස් කළ අතර Shikhar Dhawan ලකුණු 21ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Harshal Patel කඩුලු 4 ක් සහ වනිඳු හසරංග කඩුලු 2ක් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 219ක දැවැන්ත ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Royal Challengers Bangalore පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 155ක් පමණයි

Royal Challengers Bangalore ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Glenn Maxwell පන්දු 22ක් තුල ලකුණු 35ක් රැස් කල අතර Rajat Patidar ලකුණු 26ක් රැස් කළා.

පන්දු යැවීමේදී Kagiso Rabadaකඩුලු 3ක් බිඳ හෙලු අතර Rishi Dhawan සහ Rahul Chahar කඩුලු 2 බැගින් දවා ගැනීමට සමත් වුනා.

ඒ අනුව තරඟයේ නවතම ප්‍රසාද ලකුණු සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button