Cricket NewsEXCLUSIVEInternationalWoman Cricket

රට දිනවීම ගැන ගොඩක් සතුටුයි -හර්ෂිතා සමරවික්‍රම

“ඇත්තටම ගොඩක් සතුටුයි මේ වගේ ඉනිමක් ක්‍රීඩා කිරීමට හැකිවීමත් රට දිනවීමට හැකිවීමත් ගැන. ඇත්තමට ප්‍රථම වරට මෙතරම් විශාල ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේ ක්‍රීඩා කළේ. ඒ අයට බොහොම ස්තුතියි” හර්ෂිතා කීවාය.

“මම පන්දු රකිද්දි උඩ පන්දු දෙකක් අතහැරුණා. ඉතිං මම හිතුවා ඉන්දීය පිල ලකුණු කීයක් ගැහුවත් එක ගහනවා කියලා. අන්තිම වෙනකම් ඉඳලා මට ඒක කරන්න පුළුවන් වුණා. නායිකා චමරි දැවී ගියාට පස්සේ කවිෂා එක්ක අපි දෙන්නා කතා කර ගත්තේ මේක ධනාත්මකව ඉදිරියට යමු කියලා. පුහුණුකරුගෙන් මේ තරගයේ කිසිම පීඩනයක් තිබුණේ නැහැ. අපිට කිව්වේ නිදහසේ ගිහිල්ලා ක්‍රීඩා කරන්න කියලායි” හර්ෂිතා පැවසුවාය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button