Cricket NewsEXCLUSIVEIPL

ලසිත් මාලිංග දුන් සහය අමතක කළ Bumrahට ප්‍රධාන පුහුණුකරු මහේල ජයවර්ධන මුල මතක් කර දෙයි.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි.

මෙවර තරඟාවලිය නැවුම් මුහුණුවරක් ගෙන තිබෙන අතර කණ්ඩායම් 10ක් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් හි ශුරතාවය වෙනුවෙන් සටන් වදිනවා.

මේ අතර මෙවර තරඟාවලිය ආරම්භ වීමට දින කිහිපයකට පෙර සිදු වූ අපුරු පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුනා. ඒ ඉන්දීය ප්‍රිමියර් ලිග් ඉතිහාසයේ සර්තම කණ්ඩායම ලෙසින් සැලකෙන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පුහුණුවීම් වල නිරත වී සිටින අතරතුරයි.

පසුගිය දා නිමාවූ වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ වැඩිම ලකුණු ලාභියා වෙමින් සිය ක්‍රිකට් දිවියට නැවුම් ආරම්භයක් ලබාගත් ‘Baby AB” යන අන්වර්ථ නාමයෙන් ක්‍රිකට් රසිකයන් හඳුන්වන Dewald Brevis ඉතාමත් උනන්දුවෙන් තම පුහුණුවීම් කටයුතුවල නිරත වී සිටිනවා. ඒ අවසතවේ පන්දු යවමින් සිටියේ ඉන්දීය ප්‍රභල වේග පන්දුයවන ක්‍රීඩක jasprit bumrah විසිනුයි.

එහිදී යොවුන් ක්‍රීඩක Dewald Brevisව දිරි ගන්වමින් කොදෙව් ක්‍රීඩක Kieron Pollard විසින් jasprit bumrahගේ පන්දුවලට එරෙහිව පහර දෙන ආකාරය පිලිබඳ ‘Baby AB”ට උපදෙස් කිහිපයක් ලබා දෙනු ලබනවා.

එම අවස්ථාවේ දී Kieron Pollard ගේ එම ක්‍රියාව දෙස බලා සිටි bumrah පවසා සිටින්නේ, තමන් ආධුනිකයෙකු ලෙස කණ්ඩායමට එක්වූ සමයේ අනෙක් අන්තයෙන් තමන් දිරි ගැන්වීම සඳහා මේ අයුරින් කිසිවෙකුත් නොසිටී බවයි.

නමුත් මෙම සංවාදය කෙරෙහි අවධානය යොමු කරගෙන සිටි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මහේල ජයවර්ධන මහතා සිනහ මුසු මුහුණින් ඊට පිළිතුරු ලෙස පවසා සිටියේ ““ඒ දවස්වල ඔයාට අනෙක් අන්ත‍යෙන් සහය දක්වන්න ලසිත් මාලිංග සිටියා. මම හිතන්නේ ඔබට තවම ඒ ගැන අවබෝධ වෙලා නැහැ.” යනුවෙනි.

මෙම ප්‍රකාශය ඇසුණු පුහුණුවීම් කටයුතුවල යෙදී සිටි ක්‍රීඩකයින් සිනහවකින් එම කියමන සනාථ කර සිටියා.

එම සිදුවීමට අදාළ වීඩියෝ සටහන පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7