Cricket NewsEXCLUSIVEIPL

පිටිය සිසාරා එල්ල කරන දැවැන්ත පහරවල් හේතුවෙන් භානුක රාජපක්ෂ වටා ඉන්දීය රසිකයන් රොක් වෙයි.!

වසර 7කට පමණ පසුව ශ්‍රී ලංකාවෙන් පිතිකරුවෙකු ලෙස ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය නියෝජනය කිරීමට ශ්‍රී ලංකා ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂ අවස්ථාව හිමිකර ගත්තා

කෙසේ නමුත් ඔහුට එම අවස්ථාව හිමි වන විට ඔහුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නොසලකා හැර තිබූ ක්‍රීඩකයෙකු වීම විශේෂත්වයක්.

ඒ වනවිට පැවැත්වෙමින් තිබූ ඕස්ට්‍රේලියා තරඟ සංචාරයෙන් සහ පැවැත්වීමට නියමිතව තිබූ ඉන්දීය තරග සංචාරයෙනුත් ඔහුට අවස්ථාවක් නොදෙන පසුබිමකයි Punjab Kings කණ්ඩායම විසින් භානුක රාජපක්ෂ මිලදී ගනු ලැබුවේ.

ඔවුන් භානුක රාජපක්ෂ ඔහුගේ මූලික ලංසුව යටතේ එනම් ඉන්දීය රුපියල් ලක්ෂ 50කට මිලදී ගත් අතර මේ වන විට භානුක රාජපක්ෂ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ වටිනාම ක්‍රිඩකයන් අතරින් ඉදිරියට පැමිණ තිබෙන්නේ මුදලට වඩා සිය දක්ෂතාවය විශිෂ්ට බව පසක් කරමිනි.

ඔහු සහභාගි වූ ප්‍රථම තරගයේදීම ඔහු ඒ බව තහවුරු කිරීමට සිය පිත්ත මනාව භාවිත කළ අතර ඔහු RCB සමග පැවැති තරගයේදී පන්දු 22ක් තුළ අධිවේගී ලකුනු 43 ක් රැස් කිරීමට සමත් වූවා.

එමෙන්ම ඊයේ කොල්කටා නයිට් රයිඩර්ස් සමග පැවති තරඟයේ ප්‍රහාරාත්මක පිතිකරණයක නියැළෙමින් අධිවේගී ලකුණු 31 ක් රැස් කිරීමට සමත් වුයේ පන්දු 9ක් පමණක් ක්‍රිඩා කරමිනි.

පිටිය සිසාරා එල්ල වූ දැවැන්ත හයේ පහරවල් සමග පන්දු 9ක් පුරා ක්‍රියාත්මක වූ මෙම ඉණිම ඉන්දීය ප්‍රේක්ෂකයින්ගේ දැඩි අවධානයට යොමු වුණා.

එනම් කාලෙක පටන් ශ්‍රී ලංකා පිතිකරුවෙකු IPL නියෝජනය කිරීමේ වරම් හිමි වුයෙ නොමැති නිසාත් වසර ගණනාවතට පසු පැමිණි ක්‍රිඩකයා මෙතරම් දක්ෂතා දැක්වීමයි.

ඒ අනුව මේ වනවිට භානුක රාජපක්ෂ වෙනුවෙන් ඉන්දියාව තුළ විශාල රසිකයන් ප්‍රමාණයක් නිර්මාණය වී තිබෙනවා.

ඇතැම් ඉන්දීය රසිකයන් සඳහන් කර සිටින්නේ ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ට පිතිකරුවෙකු වන සනත් ජයසූරියගේ නැවත ආගමනයක් ලෙස භානුක රාජපක්ෂ ව හැඳින්විය හැකි බවයි.

ඒ අනුව මෑත කාලීනව ශ්‍රී ලංකාවේ ඉතා දැඩි ක්‍රිකට් රසික ආකර්ෂණයක් හිමිව තිබූ භානුක රාජපක්ෂ ට මේ වන විට මුළු ලෝකයේම රසික ආදරය හිමි වීම ආරම්භ වී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button