Cricket NewsEXCLUSIVEIPL

යොවුන් ක්‍රීඩක මතීෂ පතිරණට Chennai Super Kings කණ්ඩායමෙන් ඇරයුම් – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මතීෂව නිදහස් කිරීම ප්‍රතික්ෂේප කරයි.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසියටද ඇතුලත්ව සිටි මතීෂ පතිරණ කිසිදු කණ්ඩායමක් විසින් මිලදී නොගත්තේය.

නමුත් මතීෂ පසුගිය වසරේදී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමඟින් දැල් තුල පන්දු යවන්නෙකු ලෙස එක්වීමට ඔහුට ආරාධනා ලැබුණි.

බංග්ලා ටයිගර්ස් කණ්ඩායම වෙනුවෙන් වයස අවුරුදු 17 දී අබුඩාබි ටී 10 ලීගයට මතීෂ එක්වෙමින් විශිෂ්ඨ දකස්කම් පෑමට සමත් විය.මේ වසරේදීද මතීෂ හට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමෙන් ආරාධනා ලැබී ඇති බව සඳහන් වේ.ඒ ආබාධයකට ලක්වූ ක්‍රීඩකයෙකුගේ ආදේශයනක් ලෙසින් එක්වීමටය.

කෙසේනමුත් චෙන්නායි කළමණාකාරීත්වය තවමත් මෙය නිලවශයෙන් ප්‍රකාශ කර නොමැති නමුත් ඉන්දීය මාධ්‍ය කිහිපය ක්ම මේ බව සඳහන් කර තිබුණි.

කෙසේ නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් හි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කට සිටියේ මතීශ චෙන්නායි කණ්ඩායම සමඟින් එක්වීමට නිදහස් නොකිරීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බවයි.

මේ පිලිබඳව ඉදිරියේදී නිල වශයෙන් ප්‍රකාශයක් නිකුත් කිරීමටද ඔවුන් අපේක්ෂාවෙන් සිටින බව සඳහන් වනවා.

matheesha pathirana
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7