Cricket NewsEXCLUSIVEIPL

චෙන්නායි සුපර් කිංග්ස් නියෝජනය කරමින් මහිෂ් තීක්ෂණ අද IPL වරම් හිමි කර ගනී.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර අද තරගාවලියේ 17වන තරගය ලෙස Chennai Super Kings කණ්ඩායම සහ Sunrisers Hyderabad අතර තරගය මීට සුළු මොහොතකට පෙර ආරම්භ වූවා.

එහි දී Chennai Super Kings වෙනුවෙන් ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහිෂ් තීක්ෂණ අද දිනයේ දී IPL වරම් හිමිකර ගැනීමට සමත් වුණා.

පසුගිය ලෝක කුසලාන තරගාවලියේ සිට දස්කම් අතර සිටින මහිෂ් තීක්ෂණ විදෙස් විචාරකයින්ගේ පවා දැඩි අවධානයට ලක් වූ ප්‍රබල ප්‍රහාරාත්මක පිතිකරුවෙක්.

පසුගිය ලෝක කුසලාන තරඟාවලියේ දැක්වූ දස්කම් සහ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය දැක්වූ දස්කම් මත ඔහුට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය නියෝජනය කිරීමේ වරම් හිමි වුණා.

කාලයක පටන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අඩු සැලකිලි වලට ලක්වන භානුක රාජපක්ෂ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරන්නේ පිතිකරුවකු ලෙස වසර 7කට පසුව නියෝජනය කරන පළමු ශ්‍රී ලාංකිකයා ලෙසයි.

ශ්‍රී ලාංකේය ක්‍රිකට් රසිකයන් ලෙස මහිෂ් තීක්ෂණට SixCricket අපෙන් සුභ පැතුම්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button