Cricket NewsEXCLUSIVEInternationalMatch Review

ඉන්දියාවට පිට පිටම දෙවන පරාජයත් උරුම කළ Heinrich Klaasen ප්‍රමුඛ දකුණු අප්‍රිකානුවන් 2-0ක් ලෙස තරඟාවලියේ සිය ආධිපත්‍ය පතුරයි.!

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන විස්සයි-20 තරඟාවලියේ අද පැවති දෙවන තරඟයෙනුත් කඩුලු 4ක ජයක් වාර්තා කළ දකුණු අප්‍රිකානුවන් 2-0ක් ලෙස තරඟාවලියේ පෙරමුණ ගැනීමට සමත් වුනා.

තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ දකුණු අප්‍රිකා නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා ඉන්දීය කණ්ඩායමට ආරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 148 ක ලකුණු පුවරුවක් ගොඩනැගීමට සමත් වුණා.

එහිදී ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ Shreyas Iyer පන්දු 35 ක් තුල ලකුණු 40ක් රැස් කිරීමට සමත් වුණා.

Ishan Kishan ලකුණු 34ක් සහ Dinesh Karthik ලකුණු 30ක් රැස්කළ අතර පන්දු යැවීමේදීAnrich Nortje එක් කඩුලු දෙකක් බිඳ හෙලීමට සමත් වුනා.

ඒ අනුව් ලකුනු 149ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි දකුණු අප්‍රිකා පිතිකරුවන් පන්දුවාර 18.2ක් අවසානයේ කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 149ක් වාර්තා කර තරඟය ජයග්‍රහණය කළා.

දකුණු අප්‍රිකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වෙමින් Heinrich Klaasen විශිෂ්ට ඉනිමක් දියත් කල අතර ඔහු පන්දු 46ක් තුල වෙගවත් ලකුණු 81ක් රැස් කල අතර Temba Bavuma ලකුණු 30ක් සහ David Miller ලකුණු 20ක් රැස් කිරීමට සමාත් වුනා.

පන්දු යැවීමේදී Bhuvneshwar Kumar කඩුලු 4ක් බිඳ හෙලීමට සමත් වුනා. තරඟයේ වීරයා සම්න්නය Heinrich Klaasen හට හිමි වුනා.

ඒ අනුව තරඟ 5කින් සමන්විත විස්සයි-20 තරඟාවලියේ 2-0ක් ලෙස පෙරමුණ ගැනීමට ද දකුණු අප්‍රිකාව සමත් වුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button