Cricket NewsEXCLUSIVEIPL

IPL 2022 හි ක්‍රිඩක වෙන්දේසියේ අලෙවි වූ / නොවු ක්‍රිඩකයන් මෙන්න – රශීඩ් ඛාන්, ෂකිබ් අල් හසන් අලෙවි නොවෙයි.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන ප්‍රිමියර් ලීග් තරඟාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය නව මුහුණුවරක් ගෙන තිබෙනවා.

ඒ මින් පෙර කණ්ඩායම් 8ක් පමණක් ක්‍රිඩා කරන ලද IPL තරඟාවලියට මෙවර නව කණ්ඩායම් 2ක් ද එක් වී මුළු කණ්ඩායමේ සංඛ්‍යාව 10ක් වීම හේතුවෙනි.

මෙවර IPL 2022 ක්‍රීඩක වෙන්දේසිය සදහා ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීම සඳහා ක්‍රීඩකයින් 1,214 දෙනෙකු ලියාපදිංචි වී තිබු අතර ඉන් තෝරාගත් ක්‍රීඩකයන් 590 දෙනෙකු IPL මෙගා ඔක්ෂන් හෙවත් ක්‍රීඩක වෙන්දේසියේ පළමු දිනය අද අවසන් වුනා.

අද තරගයේ ක්‍රිඩකයන් වෙන්දේසියට ඉදිරිපත් කළ, අලෙවි වූ සහ අලෙවි නොවුනු ක්‍රිඩක ලැයිස්තුව පිලිවෙලින් පහතින්,

———————————————————————————————————————————

ඉන්දීය යොවුන් ක්‍රීඩක හරී නිෂාන්ත් මිලදී ගැනීමට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් නොවෙයි.

———————————————————————————————————————————
ඉන්දීය පිතිකරු රාහුල් ත්‍රිපාටි ඉන්දීය කෝටි 8.5 ක මුදලකට මිලදී ගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ඉදිරිපත් වෙයි.

———————————————————————————————————————————
ඉන්දීය යොවුන් ක්‍රීඩක අන්මෝල්ප්‍රීත් සිං මිලදී ගැනීමට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් නොවෙයි.

———————————————————————————————————————————
ඉන්දීය යොවුන් ක්‍රීඩක අෂ්වින් හෙබ්බාර් ඉන්දීය ලක්ෂ 2 ක මුදලකට මිලදී ගැනීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ඉදිරිපත් වෙයි.

———————————————————————————————————————————
දකුණු අප්‍රිකානු යොවුන් ක්‍රීඩක ඩෙවොල්ඩ් ‍බ්‍රේවිස් ඉන්දීය කෝටි 3 ක මුදලකට මිලදී ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඉදිරිපත් වෙයි.

———————————————————————————————————————————
ඉන්දීය යොවුන් ක්‍රීඩක අභිමන්යු මනෝහර් ඉන්දීය කෝටි 2.6 ක මුදලකට මිලදී ගැනීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ඉදිරිපත් වෙයි.

———————————————————————————————————————————
ඉන්දීය යොවුන් ක්‍රීඩක ප්‍රියාම් ගාර්ග් ඉන්දීය ලක්ෂ 20 ක මුදලකට මිලදී ගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ඉදිරිපත් වෙයි.

———————————————————————————————————————————
ඉන්දීය යොවුන් ක්‍රීඩක රජත් පටීදාර් මිලදී ගැනීමට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් නොවෙයි.

———————————————————————————————————————————
ඉන්දීය දඟ පන්දු යවන ක්‍රීඩක අමීත් මිෂ්රා මිලදී ගැනීමට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් නොවෙයි.

———————————————————————————————————————————
ඉන්දීය පා දඟ පන්දු යවන ක්‍රීඩක යුස්වේන්ද්‍ර චාහල් ඉන්දීය කෝටි 6.5 ක මුදලකට මිලදී ගැනීමට රාස්ථාන් රොය්ල්ස් කණ්ඩායම ඉදිරිපත් වෙයි.

———————————————————————————————————————————
ඉන්දීය දඟ පන්දු යවන ක්‍රීඩක රාහුල් චාහර් ඉන්දීය කෝටි 5.25 ක මුදලකට මිලදී ගැනීමට පන්ජාබ් කිංග්ස් කණ්ඩායම ඉදිරිපත් වෙයි.

ඕස්ට්‍රේලියානු පා දඟ පන්දු යවන ක්‍රීඩක ඇඩම් සම්පා මිලදී ගැනීමට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් නොවෙයි.

———————————————————————————————————————————
ඉන්දීය දඟ පන්දු යවන ක්‍රීඩක කුල්දීප් යාදව් ඉන්දීය කෝටි 2 ක මුදලකට මිලදී ගැනීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ඉදිරිපත් වෙයි.

———————————————————————————————————————————
දකුණු අප්‍රිකානු දඟ පන්දු යවන ක්‍රීඩක ඉම්රාන් තාහීර් මිලදී ගැනීමට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් නොවෙයි.

———————————————————————————————————————————
ඇෆ්ඝනිස්ථාන දඟ පන්දු යවන ක්‍රීඩක මුජිබුර් රහමන් මිලදී ගැනීමට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් නොවෙයි.

———————————————————————————————————————————
එංගලන්ත පා දඟ පන්දු යවන ක්‍රීඩක ආදිල් රෂීඩ් මිලදී ගැනීමට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් නොවෙයි.

———————————————————————————————————————————

බංග්ලාදේශ ‍වේග පන්දු යවන ක්‍රීඩක මුස්ථෆිසුර් රහමන් ඉන්දීය කෝටි 2 ක මුදලකට මිලදී ගැනීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ඉදිරිපත් වෙයි.

———————————————————————————————————————————

ඉන්දීය ‍වේග පන්දු යවන ක්‍රීඩක ශර්දුල් ඨාකුර් ඉන්දීය කෝටි 10.75 ක මුදලකට මිලදී ගැනීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ඉදිරිපත් වෙයි.

———————————————————————————————————————————

ඉන්දීය ‍වේග පන්දු යවන ක්‍රීඩක බුවනේෂ්වර් කුමාර් ඉන්දීය කෝටි 4.2 ක මුදලකට මිලදී ගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ඉදිරිපත් වෙයි.

———————————————————————————————————————————

එංගලන්ත ‍වේග පන්දු යවන ක්‍රීඩක මාක් වුඩ් ඉන්දීය කෝටි 7.5 ක මුදලකට මිලදී ගැනීමට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම ඉදිරිපත් වෙයි.

———————————————————————————————————————————

ඕස්ට්‍රේලියානු ‍වේග පන්දු යවන ක්‍රීඩක ජොෂ් හෙසල්වුඩ් ඉන්දීය කෝටි 7.75 ක මුදලකට මිලදී ගැනීමට රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ඉදිරිපත් වෙයි.

———————————————————————————————————————————

නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ලොකී ෆර්ගියුසන් ඉන්දීය කෝටි 10 ක මුදලකට මිලදී ගැනීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ඉදිරිපත් වෙයි.

———————————————————————————————————————————

ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ප්‍රසිද් ක්‍රිෂ්ණා ඉන්දීය කෝටි 10 ක මුදලකට මිලදී ගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ඉදිරිපත් වෙයි.

———————————————————————————————————————————

ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක උමේෂ් යාදව් මිලදී ගැනීමට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් නොවෙයි.

———————————————————————————————————————————

ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක දීපක් චාහර් ඉන්දීය කෝටි 14 ක මුදලකට මිලදී ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ඉදිරිපත් වෙයි.

———————————————————————————————————————————

ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ටී. නටරාජා ඉන්දීය කෝටි 4 ක මුදලකට මිලදී ගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ඉදිරිපත් වෙයි.

———————————————————————————————————————————

බටහිර ඉන්දීය කොදෙව් කඩුලු රකින ක්‍රීඩක නිකලස් පූරන් ඉන්දීය කෝටි 10.75 ක මුදලකට මිලදී ගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ඉදිරිපත් වෙයි.

———————————————————————————————————————————

එංගලන්ත පිතිකරු සෑම් බිලිංග්ස් මිලදී ගැනීමට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් නොවෙයි.

———————————————————————————————————————————

ඉන්දීය කඩුලු රකින ක්‍රීඩක රිධිමන් සාහා මිලදී ගැනීමට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් නොවෙයි.

———————————————————————————————————————————

ඉන්දීය කඩුලු රකින ක්‍රීඩක දිනේෂ් කාර්තික් ඉන්දීය කෝටි 5.5 ක මුදලකට මිලදී ගැනීමට රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ඉදිරිපත් වෙයි.

———————————————————————————————————————————

එංගලන්ත කඩුලු රකින ක්‍රීඩක ජොනී බෙයාස්ටෝ ඉන්දීය කෝටි 6.75 ක මුදලකට මිලදී ගැනීමට පන්ජාබ් කිංග්ස් කණ්ඩායම ඉදිරිපත් වෙයි.

———————————————————————————————————————————

ඉන්දීය පිතිකරු ඉෂාන් කිෂන් ඉන්දීය කෝටි 15.25 ක මුදලකට මිලදී ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඉදිරිපත් වෙයි.

———————————————————————————————————————————

ඉන්දීය පිතිකරු අම්බටි රයිඩු ඉන්දීය කෝටි 6.75 ක මුදලකට මිලදී ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ඉදිරිපත් වෙයි.

———————————————————————————————————————————

ඕස්ට්‍රේලියානු කඩුලු රකින ක්‍රීඩක මැතිව් වේඩ් මිලදී ගැනීමට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් නොවෙයි.

———————————————————————————————————————————

ඇෆ්ඝනිස්ථාන තුන් ඉරියව් ක්‍රීඩක මොහොමඩ් නබී මිලදී ගැනීමට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් නොවෙයි.

———————————————————————————————————————————

ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක මිචෙල් මාෂ් ඉන්දීය කෝටි 6.5 ක මුදලකට මිලදී ගැනීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ඉදිරිපත් වෙයි.

———————————————————————————————————————————

ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක කෘනාල් පාණ්ඩ්‍යා ඉන්දීය කෝටි 8.25 ක මුදලකට මිලදී ගැනීමට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම ඉදිරිපත් වෙයි.

———————————————————————————————————————————

ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක වොෂින්ටන් සුන්දර් ඉන්දීය කෝටි 8.75 ක මුදලකට මිලදී ගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ඉදිරිපත් වෙයි.

———————————————————————————————————————————

සන්රයිසස් හයිද්‍රාබාද්, පන්ජාබ් කිංග්ස් සහ ‍රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් යන කණ්ඩායම් අතර පැවැති තුන් කොන් සටනකින් අනතුරුව ඉන්දීය රුපියල් කෝටියක මූලික ලන්සුවක් නියම වී තිබූ වනිඳු හසරංග, කෝටි 10.75 කට අලෙවි විය. එම මුදල ශ්‍රී ලංකා රුපියල් ‍කෝටි 28.78 කට වැඩි අගයක් ගනී.

———————————————————————————————————————————

ශ්‍රී ලංකා තුන් ඉරිව් ක්‍රීඩක වනිඳු හසරංග ඉන්දීය කෝටි 10.75 ක මුදලකට මිලදී ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ඉදිරිපත් වෙයි.

———————————————————————————————————————————

 

ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය පැවැත්වෙමින් තිබියදී එහි වෙන්දේසිකරු ලෙස කටයුතු කළ පුද්ගලයා රෝගාතුර වී බිම ඇද වැටී ඇත. ඒ හේතුවෙන් මේ වන විට ක්‍රීඩක වෙන්දේසිය තාවකාලිකව නතර කර තිබේ.

එම සිදුවීම වන විට ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග වෙන්දේසි වෙමින් සිටි අතර ඔහු‍ මිලදී ගැනීම සඳහා සන්රයිසස් හයිද්‍රාබාද්, පන්ජාබ් කිංග්ස් සහ ‍රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් යන කණ්ඩායම් අතර තුන් කොන් සටනක් නිර්මාණය වී තිබිණ.

———————————————————————————————————————————

ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක දීපක් හූඩා ඉන්දීය කෝටි 5.75 ක මුදලකට මිලදී ගැනීමට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම ඉදිරිපත් වෙයි.

———————————————————————————————————————————

ඉන්දීය මඳ වේග පන්දු යවන ක්‍රීඩක හර්ෂාල් පටේල් ඉන්දීය කෝටි 10.75 ක මුදලකට මිලදී ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ඉදිරිපත් වෙයි.

———————————————————————————————————————————

බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක සකීබ් අල් හසන් මිලදී ගැනීමට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් නොවෙයි.

———————————————————————————————————————————

බටහිර ඉන්දීය කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩක ජේසන් හෝල්ඩර් ඉන්දීය කෝටි 8.75 ක මුදලකට මිලදී ගැනීමට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම ඉදිරිපත් වෙයි.

———————————————————————————————————————————

ඉන්දීය පිතිකරු නිතිෂ් රානා ඉන්දීය කෝටි 8 ක මුදලකට මිලදී ගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ඉදිරිපත් වෙයි.

———————————————————————————————————————————

බටහිර ඉන්දීය කෙදෙව් තුන් ඉරිව් ක්‍රීඩක ඩ්වේන් බ්‍රාවෝ ඉන්දීය කෝටි 4.4 ක මුදලකට මිලදී ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ඉදිරිපත් වෙයි.

———————————————————————————————————————————

ඕස්ට්‍රේලියානු පිතිකරු ස්ටීවන් ස්මිත් මිලදී ගැනීමට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් නොවෙයි.

———————————————————————————————————————————

ඉන්දීය පිතිකරු සුරේෂ් රයිනා මිලදී ගැනීමට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් නොවෙයි.

———————————————————————————————————————————

ඉන්දීය පිතිකරු දෙව්දූත් පඩික්කල් ඉන්දීය කෝටි 7.75 ක මුදලකට මිලදී ගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ඉදිරිපත් වෙයි.

———————————————————————————————————————————

දකුණු අප්‍රිකානු ප්‍රවේගකාරී පිතිකරු ‍ෙඩේවිඩ් මිලර් මිලදී ගැනීමට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් නොවෙයි.

———————————————————————————————————————————

එංගලන්ත පිතිකරු ජේසන් රෝයි ඉන්දීය කෝටි 2 ක මුදලකට මිලදී ගැනීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ඉදිරිපත් වෙයි.

———————————————————————————————————————————

ඉන්දීය පිතිකරු රොබින් උතප්පා ඉන්දීය කෝටි 2 ක මුදලකට මිලදී ගැනීමට ‍චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ඉදිරිපත් වෙයි.

——————————————————————————————————–

බටහිර ඉන්දීය කෙදෙව් පිතිකරු ශිම්රන් හැට්මෙයර් ඉන්දීය කෝටි 8.5 ක මුදලකට මිලදී ගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ඉදිරිපත් වෙයි.

———————————————————————————————————————————

ඉන්දීය පිතිකරු මනීෂ් පාණ්ඩේ ඉන්දීය කෝටි 4.6 ක මුදලකට මිලදී ගැනීමට ලක්නව් සුපර් ජයන්ට්ස් ‍කණ්ඩායම ඉදිරිපත් වෙයි.

———————————————————————————————————————————

ඕස්ට්‍රේලියානු පිතිකරු ඩේවිඩ් වෝනර් ඉන්දීය කෝටි 6.25 ක මුදලකට මිලදී ගැනීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ඉදිරිපත් වෙයි.

———————————————————————————————————————————

දකුණු අප්‍රිකානු කඩුලු රකින ක්‍රීඩක ක්වින්ටින් ඩි’කොක් ඉන්දීය කෝටි 6.75 ක මුදලකට මිලදී ගැනීමට ලක්නව් සුපර් ජයන්ට්ස් ‍කණ්ඩායම ඉදිරිපත් වෙයි.

———————————————————————————————————————————

දකුණු අප්‍රිකානු පිතිකරු ෆ‍ෆ් ඩුප්ලෙසි ඉන්දීය කෝටි 7 ක මුදලකට මිලදී ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ඉදිරිපත් වෙයි.

———————————————————————————————————————————

ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් සාමි ඉන්දීය කෝටි 6.25 ක මුදලකට මිලදී ගැනීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ඉදිරිපත් වෙයි.

———————————————————————————————————————————

ඉන්දීය පිතිකරු ශ්‍රෙයාස් අයියර් ඉන්දීය කෝටි 12.25 ක මුදලකට මිලදී ගැනීමට කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම ඉදිරිපත් වෙයි.

———————————————————————————————————————————

දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක ට්‍රෙන්ට් බෝල්ට් ඉන්දීය කෝටි 8 ක මුදලකට මිලදී ගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ඉදිරිපත් වෙයි.

———————————————————————————————————————————

දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක කගි‍සෝ රබාඩා ඉන්දීය කෝටි 9.25 ක මුදලකට මිලදී ගැනීමට පන්ජාබ් කිංග්ස් කණ්ඩායම ඉදිරිපත් වෙයි.

———————————————————————————————————————————

ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක පැට් කමින්ස් ඉන්දීය කෝටි 7.25 ක මුදලකට මිලදී ගැනීමට කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම ඉදිරිපත් වෙයි.

———————————————————————————————————————————

ඉන්දීය දඟ පන්දු යවන ක්‍රීඩක රවිචන්ද්‍රන් අෂ්වින් ඉන්දීය කෝටි 5 ක මුදලකට මිලදී ගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ඉදිරිපත් වෙයි.

———————————————————————————————————————————

ඉන්දීය පිතිකරු ශිකර් ධවාන් ඉන්දීය කෝටි 8.25 ක මුදලකට මිලදී ගැනීමට පන්ජාබ් කිංග්ස් කණ්ඩායම ඉදිරිපත් වෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7