Cricket NewsEXCLUSIVE

පසුගිය තරඟයේ විශිෂ්ට දස්කම් දැක් වූ බිනුර ප්‍රනාන්දු හට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වෙයි – ඉදිරි තරඟ අහිමි වෙයි.!

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම මේ වන විට ස්ට්‍රේලියානු තරග සංචාරයක නිරතවනවා.

තරග පහකින් සමන්විත එම විස්සයි විස්ස තරගාවලියේ පළමු තරඟය ඊයේ පැවැති අතර එම තරගයෙන් ලකුණු 20ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට සත්කාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත්වුණා.

කෙසේ නමුත් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ විශිෂ්ට පන්දු යැවීම බොහෝ ක්‍රිකට් විචාරකයන්ගේ පැසසුමට හේතු වී තිබූ අතර එහිදී විශිෂ්ට ගණයේ පන්දු යැවීමක නිරත වෙමින් ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රබල පිතිකරුවන් පාලනය කරමට බිනුර ප්‍රනාන්දු සමත් වුණා.

මේ අතර මීට සුළු මොහොතකට පෙර සිදු කරන ලද PCR පරීක්ෂණයකින් බිනුර ප්‍රනාන්දු හට කොරෝනා රෝගය වැළඳී ඇති බව තහවුරු වී තිබෙන බව අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කර සිටිනවා.

ඒ අනුව ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන ඉදිරි තරග 4 සහ ඉන්දීය තරග සංචාර⁣යේ තරඟ කිහිපයකුත් බිනුර හට අහිමි වීමට ඉඩ තිබෙන බව ද එම ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කර සිටිනවා.

ඊයේ තරඟයේදි විශිෂ්ට දස්කම් පෑ බිනුර සිය පන්දුවාර 4 තුල ප්‍රතිවාදී ඕස්ට්‍රේලියානු පිතිකරුවන්ට ලබා දුන්නේ ලකුණු 12 ක් පමණක් වන අතර කඩුලූ 2ක් බිඳ හෙළීමට සමත් වුණා.

ප්‍රබල ඕස්ට්‍රේලියානු පිතිකරුවන් ලකුණු 149 කට සීමා කිරීමට බිනුර ගේ මෙම විශිෂ්ට පන්දු යැවීම ද හේතු වූ අතර තරගයේ අවසන් පන්දුවාර කිහිපය යොමු කළ ආකාරය ප්‍රශංසනාත්මක බව විදෙස් විචාරකයන් පවා සඳහන් කර තිබුණා.

කොරෝනා හේතුවෙන් බිනුර ප්‍රනාන්දු ශ්‍රී ලංකා කණ්ඩායමට අහිමි වීම දැරිය නොහැකි පාඩුවක් වනු ඇති බවනම් නොරහසක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7