Cricket NewsEXCLUSIVEIPL

IPL 2022 ක්‍රීඩක වෙන්දේසියේ විදෙස් ක්‍රීඩකයෙකු අලෙවි වූ ඉහළම මිලට, එනම් රුපියල් කෝටි 29 කට වනිදු හසරංග අලෙවි වෙයි.!

රුපියල් කෝටි 29 ක් වැය කරමින් ලොව අංක එකේ විස්සයි විස්ස පන්දු යවන්නා වනිඳු හසරංග රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල මිලදි ගනී

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහ වන ක්‍රීඩක වෙන්දේසියේ පළමු දිනය අදයි.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීගයේ වඩාත්ම අවධානය දිනාගත් ක්‍රීඩක මිලදී ගැනීම බවට තුන් ඉරියව් ක්‍රීඩක ඛාණ්ඩයෙන් වනිඳු හසරංග පත්ව තිබුනේ ප්‍රවීණ ඉන්දීය විචාරකයන් පුවත්පත් මෙන්ම ඉන්දීය මාධ්‍යද වනිඳු හසරංග පිලිබඳව වඩාත් අවධානයෙන් සඳහන් කල නිසාමය.

වත්මන් විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයේ පසුවන වනිඳු හසරංගගේ මූලික වටිනාකම වූයේ ඉන්දීය රුපියල් කෝටියකි.

වනිඳු හසරංග හට ලංසු තැබීම ආරම්භ කලේ සන්රයිසස් හද්‍රාබාද් විසිනි.ඉන් අනතුරුව පංජාබ් කිංග්ස් හා රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් අතර සීතල යුද්ධයක් නිර්මාණ වූයේ අතිශය උද්වේගකර මුහුණුවරක් ගනිමිනි .

කෙසේනමුත් අවසානයේදී රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම වනිඳු වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටි 10.75 ක් වැය කරමින් මිලදී ගත්තේය.

මෙවර මේ දක්වා ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසියේදී විදෙස් ක්‍රීඩකයෙකු අලෙවි වූ වැඩිම අගය බවටද එය පත් විය.

ශ්‍රී ලංකාවේ මුදලින් ගත කළ රුපියල් කෝටි 29 ක් වනිදු හසරංග හට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලිග් තරඟාවලියේදී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම නියෝජනය කිරීම වෙනුවෙන් හිමි වනු ඇත.

 

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button