Cricket NewsEXCLUSIVEIPL

IPL ජෛව බුබුළේ නිතිය කඩ කලොත් තරඟාවලියෙන්ම ඉවතට – ජෛව බුබුළේ නිතිය කඩ කරන්නන්ට එරෙහිව දැඩි දඬුවම්.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වානිජ වටිනාකමක් දරන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ 2022 වසර සඳහා වන තරඟාවලිය ඇරඹීමට තවත් ඉතිරිව ඇත්තෙ දින කිහිපයකි.

මෙවර තරඟාවලිය නැවුම් මුහුණුවරක් ගෙන තිබෙන අතර කණ්ඩායම් 10ක් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් හි ශුරතාවය වෙනුවෙන් සටන් වැදීමට නියමිතයි.

මේ අතර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේදී ජෛව ආරක්‍ෂිත බුබුලු උල්ලංඝණය කරන්නන්ට එරෙහිව දැඩි දඩුවම් පැමිණවීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු යොදමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටිනවා.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අතරතුර ක්‍රීඩකයින් සහ කණ්ඩායම් නිලධාරීන් විසින් කොවිඩ් නියමයන් උල්ලංඝනය කළහොත් ඒ වෙනුවෙන් තරඟයක් අත්හිටුවීමේ සිට දින හතක නිරෝධායන කාලයක් දක්වාත්, තරඟාවලියෙන් නෙරපා හැරීම දක්වාත් බරපතල සම්බාධකවලට යටත් වීමට සිදුවනු ඇත.

ක්‍රීඩකයෙකුගේ හෝ තරඟ නිලධාරියෙකුගේ පවුලේ සාමාජිකයෙකු විසින් ජෛව ආරක්‍ෂිත බුබුලු උල්ලංඝණය කිරීම ඊටත් වඩා බරපතල සම්බාධක වලට යටත් වේ.

හිතාමතාම පිටස්තරයකුට කණ්ඩායම් බුබුල තුළට ඇතුළු වීමට ඉඩ ලබාදුන්න හොත් එම පළමු අතපසුවීම සඳහා රුපියල් කෝටියක් දක්වා දඬුවමකට යටත්වීමට සිදුවේ.

එම වරද නැවත වරක් සිදුවුවහොත් කණ්ඩායමේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාවෙන් ලකුණක් හෝ දෙකක් අඩු කිරීමට හේතු විය හැක.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7