Cricket NewsEXCLUSIVEIPL

Hrithik Shokeen විසින් යොමු කළ 16 වන පන්දුවාරයේදී පිට පිටම හයේ පහර 4ක් එල්ල කරමින් Jos Butterගෙන් ගිණිකෙළි සැණකෙළියක්.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර තරගාවලියේ 44වන තරගය ලෙස Rajasthan Royals කණ්ඩායම සහ Mumbai Indians කණ්ඩායමත් අතර තරඟය මේ වන විට පැවැත්වෙනවා.

තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Mumbai Indians නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා Rajasthan Royals කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එ අනුව පන්දුවට පහර දුන් Rajasthan Royals කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 158ක් රැස් කිරීමට සමත් වුණා.

එහිදී Rajasthan Royals කණ්ඩායමේ ඉහළම ලකුණු ලාභියා බවට පත් වූ ආරම්භක පිතිකරු Jos Buttler අද දිනයේත් විශිෂ්ට ඉනිමක් දියත් කරමින් පන්දු 52ක් තුල ලකුණු 67ක් වාර්තා කිරීමට සමත් වුනා. ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහර 4ක් සහ හතරේ පහර 5ක් වාර්තා වුවා.

මෙහිදී විශේෂත්වයක් වුයේ Hrithik Shokeen විසින් යොමු කල 16 වන පන්දුවාරයේ ප්‍රථම පන්දු 4ටම දැවැන්ත හයේ පහර 4ක් එල්ල කිරීමට Jos Buttler සමත් වුනා. කෙසේ නමුත් එම පන්දුවාරයේ අවන් පන්දුවට Jos Buttler දැවී ගියා.

16 වන පන්දුවාරයේ ප්‍රථම පන්දු 4ටම දැවැන්ත හයේ පහර 4 ඇතුළු Jos Buttlerගේ ඉනිමේ විශේෂ අවස්ථා පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button