Cricket NewsEXCLUSIVEIPLMatch Review

වනිදුගේ RCB කණ්ඩායමේ අවසන් වටයේ බලපොරොත්තු අවිනිශ්චිත කරමින් පිට පිටම 3න් වන තරඟයත් පරාජය වෙයි.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර තරගාවලියේ 43වන තරගය ලෙස Gujarat Titans කණ්ඩායම සමග වනිදු හසරංග ක්‍රීඩා කරන Royal Challengers Bangalore කණ්ඩායමත් අතර පැවති තරඟයෙන් කඩුලු 6ක ජයක් වාර්තා කිරීමට Gujarat Titans කණ්ඩායම සමත් වුනා.

තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Gujarat Titans නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා Royal Challengers Bangalores කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එ අනුව පන්දුවට පහර දුන් Royal Challengers Bangalore කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 170ක් රැස් කිරීමට සමත් වුණා.

Royal Challengers Bangalore වෙනුවෙන් විරාට් කෝලි පන්දු 53කදී ලකුණු 58ක් වාර්තා කිරීමට සමත් වුනා. ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහරක් සහ හතරේ පහර 6ක් ඇතුලත් වුනා.

Rajat Patidar ලකුණු 52ක් රැස් කළ අතර Glenn Maxwell ලකුණු 33ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Pradeep Sangwan කඩුලු දෙකක් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 171ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Gujarat Titans පිතිකරුවන් පන්දුවාර 19.3ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 174ක් වාර්තා කර තරඟය ජයග්‍රහණය කළා.

Gujarat Titans ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Rahul Tewatia පන්දු 25ක් තුල වෙගවත් ලකුණු 43ක් රැස් කල අතර David Miller ලකුණු 39ක් රැස් කළා.

පන්දු යැවීමේදී Shahbaz Ahmed සහ Wanindu Hasaranga කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් වුනා.

තරඟාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7