Cricket NewsEXCLUSIVEIPL

Chennai Super Kings කණ්ඩායමේ නායකත්වය නැවතත් මහේන්ද්‍ර සිං දෝණිට.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

එමෙන්ම මෙවර තරගාවලියේ දී ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් ඉතිහාසයේ ප්‍රථමවරට Chennai Super Kings කණ්ඩායමේ නිත්‍ය නායකත්වය මහේන්ද්‍ර සිං දෝනිගෙන් Ravindra Jadeja හට පිරිනැමුනා.

ඒ අනුව මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ Chennai Super Kings කණ්ඩායම සහභාගි වූ පළමු තරගයේ සිටම Chennai Super Kings කණ්ඩායම මෙහෙයවනු ලැබුවේ Ravindra Jadeja විසිනුයි.

මීට සුළු මොහොතකට පෙර Ravindra jadeja නැවතත් Chennai Super Kings නායකත්වය මහේන්ද්‍ර සිං දෝනි වෙත ලබා දීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව මේ මොහොතේ පටන් Chennai Super Kings කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරනු ලබන්නේ මහේන්ද්‍ර සිං දෝනි විසිනුයි.

ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සහ යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ Chennai Super Kings කණ්ඩායමේ ක්‍රීඩා කරනු ලබනවා.

ඒ පිළිබඳව කණ්ඩායම තැබූ විශේෂ නිවේදනයට පහතින්  >>>

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button