Cricket NewsEXCLUSIVEIPLPremier League

දහස්වැනි IPL තරඟය ශතකයකින් හැඩකල ජයිස්වාල් – ඉන්දීය ජාතික කණ්ඩායමට සේන්දු වන මීලඟ යොවුන් තරුව ජයිස්වාල්ද ?

ක්‍රීඩක සම්පත් අතින් ගත්කල ඉන්දියාව තුල ඕනෑම තරඟ ආකෘතියක් සඳහා ආදේශකයන් බවට පත් විය හැකි ක්‍රීඩකයින් සැලකිය යුතු ප්‍රමාණයක් ඔවුන්ගේ පළමු පෙල තරඟ තුලින් හා ඉන්දීය දේශීය පිටියෙන් කරලියට පැමිණෙනවා.එහි උච්චතම අවස්ථාව විදිහට ඉන්දීය ප්‍රිමියර් ලීගය හඳුන්වන්නට පුළුවන්.

වාණිජමය අතින් ගත් කල ලොව ප්‍රමුඛතම ලීගය තරඟ දහසක අතීතයකට හිමිකම් කියනවා.පළමු තරඟයේදී හිටපු නවසීලන්ත නායක බ්‍රෙන්ඩන් මැකලම්ගේ පිතිකරණ දක්ෂතාවය ලියැවුණේ ශතකයක් ලෙසින්.ඉන් තරඟ 999 කට පසුව අද 1000 වැනි තරඟයේදී වංකඩේ පිටියේදී යොවුන් ක්‍රීඩක යසස්වි ජයිස්වාල්ගේ ඉනිමත් ලියැවුණේ ශතකයක් ලෙස වීමත් විශේෂත්වයක්.

ජයිස්වාල් පිළිබඳව දැඩි කතා බහක් නිර්මාණය වීම ඇරඹුනේ ඔහු 19 න් පහළ ලෝක කුසලානේදී ඉන්දීය පිල මෙහෙයවන කාලය තුලයි.ජයිස්වාල්ගේ නායකත්වය යටතේ ඉන්දීය කණ්ඩායම අවසන් මහා තරඟයක් දක්වා පැමිණියා.ජයිස්වාල් තරඟාවලිය හමාර කලේ තරඟාවලියේ වීරයා වෙමින්.

තවමත් 21 වැනි වියෙහි පසුවන ජයිස්වාල් වටා රාජස්තාන් පිතිකරණ බලඇණිය රඳාපවතිනවා.ඔහු තුල නවපන්දුවට හොඳින් මුහුණදිය හැකි ස්ථාවර තාක්ෂණයක් තිබෙන බව නොරහසක්.පිටිය සිසාරා පහරවල් එල්ල කිරීමට තරම් ඔහුගේ තාක්ෂණය වඩාත් සුහුරු මට්ටමක තිබෙන බවත් ඔහු පෙන්නුම් කර අවසන්.

මෙවර අයිපීඑල් තරඟාවලියේ වැඩිම ලකුණු ලභියා ඔහුයි.වැඩිම ලකුණු ලාභීන් අතර ඔහු වටා ෆැෆ් ඩු ප්ලෙසිස්,විරාට් කෝලි,ඩෙවොන් කොන්වේ වැනි අත්දැකීම් අති බහුල මුහුකුරා ගිය පිතිකරුවන් පසුවෙනවා.

තවමත් 21 වන වියෙහි පසුවන ජයිස්වාල් ඉන්දීය දේශීය පිටිය තුල විශාල සාර්ථකත්වය පෙන්නුම් කර අවසන්.අවසන් වසර දෙකක කාලය තුල ඉන්දීය දේශීය පිටියේ නිරන්තර ලකුණු අතර රැඳෙන්නට වගබලාගත් ඔහු ඉරානි කුසාලානයේ මංගල තරඟයේදීම ශතකයක්,‍විජේ හසාරේ තරඟාවලියේදී ද්විතව ශතකයක්,රංජි කුසලාන ශතකයක්,දුලිප් කුසලානයේ ශතකයක් හා ඉන්දීය A කණ්ඩායම වෙනුවෙන් ශතකයකින් තම ලකුණු ගොන්න අවසන් වසර කිහිපය තුලදී සවිමත් කර ගැනීමට ඊට කදිම නිදසුනක්.

ක්‍රීඩක සම්පත් දිනෙන් දින වැඩිවන ඉන්දියාව තුල ඉන්දීය ජාතික කණ්ඩායමට සේන්දු වන මීලඟ යොවුන් තරුව ජයිස්වාල්ද ?

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button