Cricket NewsEXCLUSIVE

කුසල් මෙන්ඩිස්ගේ පිත්ත කඩුල්ලේ වැදී ඉතා අවාසනාවන්ත ලෙස Hit Wicket ආකාරයට දැවී ගිය ආකාරය.!

ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන තරඟ තුනකින් සමන්විත විස්සයි-20 තරගාවලියේ දෙවන තරගය මීට සුලු මොහොතකට පෙර ආරම්භ වූවා.

අද තරඟයේත් කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඕස්ට්‍රේලියානු නායක Aaron Finch ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි ආරම්භක පිතිකරණ යුගල වූ ධනුෂ්ක ගුණතිලක සහ පැතුම් නිස්සංකට අද දිනයේ වැඩි වේලාවක් කඩුල්ලෙ රැඳී සිටිමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් ඉඩ ලබා දුන්⁣නේ නැහැ.

මුළු ලකුනු ගණන 7ක් වන විට ඔවුන් දෙදෙනාම ක්‍රීඩාගාරයේ අසුන් ගෙන සිටි අතර ඒ අනුව ඒ අනුව පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් සහ චරිත් අසලංක ලකුණු 66ක සම්බන්දතාවයක් ගොඩ නැගීමට සමත් වුනා.

අනතුරුව චරත් අසලංක දැවී ගිය අතර කුසල් මෙන්ඩිස් ලකුණු 36ක් ලබා සිටියදී Jhye Richardson පන්දුවක් හමුවේ පිත්ත කඩුල්ලේ වැඩි ඉතා අවාසනාවන්ත ලෙස දැවී ගියා.

අද කුසල් මෙන්ඩිස් දැවී ගිය ආකාරය පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7