Cricket NewsEXCLUSIVEInternational

අයර්ලන්තය අතර තරඟයේදී නේපාල කඩුලු රකින ක්‍රිඩක Asif Sheikhගෙන් එළියට ආ මනුස්සකම.!

මේ වන විට ලොවපුරා රටවල් රැසක ඉතා වේගයෙන් ජනප්‍රිය වන ක්‍රිකට් ක්‍රීඩාව ඉතා වේගයෙන් ප්‍රචලිත වන අතර තවත් වසර කිහිපයක් යාමට මත්තෙන් ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් සංඛ්‍යාව තවතවත් ඉහළට යා හැකි බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පවා ප්‍රකාශ කර තිබෙනවා.

ක්‍රිකට් ක්‍රීඩාව හඳුන්වනු ලබන්නේ මහත්වරුන්ගේ ක්‍රීඩාව ලෙසටයි.

ක්‍රීඩාවේ ජීව ගුණය ඉහළ යන සිදුවීම් රැසක්ම ක්‍රිකට් තරග අතරතුර දී වාර්තා වී ඇති අතර අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය විසින් ලෙස ක්‍රිඩාවේ ජීව ගුණය පවත්වාගෙන යාම වෙනුවෙන් ## සම්මානයක්ද පිරිනමනු ලබනවා.

ක්‍රීඩාවේ ජීවගුණය රැකගැනීම වෙනුවෙන් වාර්තා වූ ආසන්නතම සිදුවීම ඊයේ දින අයර්ලන්තය සහ නේපාලය අතර පැවැති තරගයේ දී වාර්තා වී තිබෙනවා.

ඒ ඊයේ අයර්ලන්තය සහ නේපාලය අතර පැවති තරඟ හයකින් සමන්විත විස්සයි-20 තරගාවලියේ අවසන් තරගයේ දියි.

අයර්ලන්ත ඉනිමේදී 18වන පන්දුවාරය යොමු කරමින් සිටී Kamal විසින් යොමු කරන ලද එම පන්දුවාරයේ දෙවන පන්දුවේදී එම අවස්ථාවේ පිතිකරණයේ යෙදී සිටි Adair විසින් එල්ල කළ පහරත් සමග පිතිකරුවන් දෙදෙනා පැති මාරු කර ගැනීමට උත්සහ කරනවා.

කෙසේ නමුත් එහිදී Mcbrine විසින් කඩුලු අතර දිවයාමේදි තණතීරුව මත ඇද වැටෙනවා.

එම අවස්ථාවේ පදුව රැක ගත් පන්දු යවපු ක්‍රීඩක Kamal විසින් කඩුලු රකින ක්‍රීඩකයා හට එම පන්දුව යොමු කරනු ලබනවා.

එම අවස්ථාවේ පහසුවෙන්ම ක්‍රීඩකයා දවා ගැනීමට අවස්ථාව තිබූවත් නේපාල කඩුලු රකින ක්‍රීඩක Asif Sheikh විසින් ඔහුව දවා ගැනීමට ලක් නොකර නැවතත් ඔහුගේ සීමාවට පැමිණීමට ඉඩ ලබා දෙනවා.

ක්‍රිකට් ක්‍රිඩාවේ මහත්මාගතිය පිළිඹිබු වූ අවස්ථාවක් ලෙස අපට ම අවස්ථාව පෙන්වා දිය හැකියි.

එම අවස්ථාවේ වීඩියො සටහන පහතින් නරඹන්න

———————————————————————————————————–

එම තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ නේපාලය ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සදහා අයර්ලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එහිදී නියමිත පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 127ක් රැස් කිරීමට අයර්ලන්ත ක්‍රීඩකයන් සමත්වුණා.

ඒ අනුව ලකුණු 128ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි නේපාල ක්‍රීඩකයින්ට නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 111 ක් පමණයි.

ඒ අනුව තරඟයයෙන් ලකුණු 17ක ජයක් අයර්ලන්තයට හිමි වුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7