Cricket NewsEXCLUSIVE

වනිඳු හසරංගට කොරෝනා ආසාධනය වී ඇති බව තහවුරු වෙයි – තරඟාවලියේ ඉදිරි තරඟ අහිමි වෙයි.!

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම මේ වන විට ඕස්ට්‍රේලියානු තරග සංචාරයක නිරතවනවා.

තරග පහකින් සමන්විත එම විස්සයි විස්ස තරගාවලියේ මේ වන විට තරඟ දෙකක් අවසන්ව ඇති අතර තරඟාවලියේ තෙවන තරඟය අද ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

තරඟාවලියේ පළමු තරඟයෙන් ලකුණු 20ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත්වු අතර දෙවන තරඟය සුපිරි පන්දුවාරයේදි ජයග්‍රහණය කිරීමටද ඔවුන් සමත්වුනා.

කෙසේ නමුත් මෙම තරඟ දෙකෙ⁣හිදිම ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ විශිෂ්ට පන්දු යැවීම බොහෝ ක්‍රිකට් විචාරකයන්ගේ පැසසුමට හේතු වී තිබූ අතර එහිදී විශිෂ්ට ගණයේ පන්දු යැවීමක නිරත වෙමින් තරඟ දෙකෙහිදීම ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රබල පිතිකරුවන් පාලනය කරමට බසමත් වු මේ වන විට ලෝක විස්සයි විස්ස පන්දුයවන්නන් ශ්‍රේණිගත කිරීම්හි ප්‍රථම ස්ථානයේ පසු වන වනිදු හසරංග හට කොරෝනා වෛරසය ආසාධනය වී තිබෙන බව වාර්තා වනවා.

මීට සුළු මොහොතකට පෙර සිදු කරන ලද PCR පරීක්ෂණයකින් වනිදු හට කොරෝනා රෝගය වැළඳී ඇති බව තහවුරු වී තිබෙන බව අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කර සිටිනවා.

ඒ අනුව ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන ඉදිරි තරග 3 සහ ඉන්දීය තරග සංචාර⁣යේ තරඟ කිහිපයකුත් වනිඳු හට අහිමි වීමට ඉඩ තිබෙන බව ද එම ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කර සිටිනවා.

ඒ අනුව වනිඳු හසරංග වෙනුවට අද දිනයේදි ජෙෆ්රි වැන්ඩසේ ඕස්ට්‍රේලියාවට එරෙහිව තරඟ කිරීමට නියමිත බව ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කර සිටිනවා.

කොරෝනා හේතුවෙන් වනිදු හසරංගහට ශ්‍රී ලංකා කණ්ඩායමට අහිමි වීම දැරිය නොහැකි පාඩුවක් වනු ඇති බවනම් නොරහසක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7