Cricket NewsEXCLUSIVE

“මට ඕනි නෑ ඊළඟ මුරලිවත්, ඊළඟ රංගන හේරත්වත් වෙන්න.. මට ඕන ඊළඟ හසරංග වෙන්න” – වනිදු හසරංග කියයි.!

තමන් හට අවශ්‍ය මීළඟ මුරලිදරන් හෝ රංගන හේරත් වීමට අවශ්‍ය නොමැති බවත්, තමන්ගේ අරමුණ මීළඟ හසරංග වීම බවත් ලොව අංක එකේ විස්සයි විස්ස දඟපන්දු යවන්නා ලෙස කිරුළු පැළඳ සිටින ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක වනිදු හසරංග පවසා සිටිනවා.

ලංකා ප්‍රිමියර් ලිග් තරගාවලිය පිළිබඳව අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබෙන අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වනිදු හසරංග මෙසේ පවසා සිටියා.

“ටීම් එකට කරන්න පුළුවන් උපරිම දේ කරන්න මම ට්‍රයි කරනවා. ඒක නිසා තමයි මට සාර්ථක වෙන්න පුළුවන්. නැෂනල් ටීම් එකද, මම ගහන ෆ්‍රැන්චයිස් ටීම් එකක් ද, මම ඒක නෙවෙයි බලන්නේ. මම බලන්නේ මම ප්ලේ කරන හැම මැච් එකම මම කොහොමද මගේ සියට සියක් ටීම් එකට දෙන්නේ කියලා. ”

“මට කිසිම මැච් එකක් ප්‍රෙෂර් එකක් නෑ මම හැම එකක් ම ගන්නේ මෝටිවේෂන් එකක් විදියට. ඉතින් මට ඕනි නෑ ඊළඟ මුරලිවත් ඊළඟ රංගන හේරත්වත් වෙන්න. මට ඕන ඊළඟ හසරංග වෙන්න.

“මේ වගේ තරගාවලි සංවිධානය කරන එක ගොඩක් හොඳයි මොකද ෆ්‍රැන්චයිස් ක්‍රිකට්වලින් හොඳ යන්ග් ප්ලේයර්ස් ලා ඉස්සරහට එනවා. මේ වගේ තරගාවලි ගිය අවුරුද්දෙත් හොඳට කරපු නිසා මේ අවුරුද්දෙත් කරන නිසා යන්ග් ප්ලේයර්ස් ලා එන්න පුළුවන්. ඒක ඇත්තටම හොඳ දෙයක්. ”

“මේ වගේ තරගවලදී ලෙග්ස්පිනර්ස්ලාට ගොඩක් ලොකු දෙයක් කරන්න පුළුවන්, එයාලගේ ඕවර්ස් හතරට ලකුණු හතළිහක් පනහක් ගහන්න පුළුවන් හැබැයි ඊලඟ මැච් එකේ එයාලට බවුන්ස් බැක් එකක් දීලා එයාලට විකට් හතරක් පහක් ගන්න පුළුවන්. මේ වගේ තරගවලදි ඒක තමයි කරන්න පුළුවන් හොඳම දේ. එයාලට හොඳ වේරියේෂන්ස් තියෙනවා.”

වීඩියෝ සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7