Cricket NewsEXCLUSIVE

එළඹෙන 2022 වසරේදී ලොව වේගවත්ම ක්‍රිකට් තරඟාවලියක් “Sri Lankan T10” ලෙස ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට ක්‍රිකට් ආයතනය තිරණය කරයි.!

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය වසර කිහිපයේ පෙරළිකාර තීරණ රැසක්ම ගනු ලැබූ බව නොරහසක්.

කලක් තිස්සේ මෙරට ක්‍රිකට් ක්‍රිඩාවට අහිමිව තිබු ලීග් ක්‍රිකට් තරඟමාලාවක් LPL (ලංකා ප්‍රිමියර් ලීග්) ලෙස පසුගිය වසරේ සිට මෙරට ක්‍රිකට් වංශකතාවට දායාද වූයේද එවැනි පෙරළිකාර තීරණයක් ලෙසයි.

මේ අතර මීට පෙර අවස්ථා කිහිපයකදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් වර්ථමාන ක්‍රිකට් ක්‍රීඩාවේ වේගවත්ම ආකෘතිය ලෙසින් සැලකෙන පන්දුවාර 10කින් සමන්විත තරඟාවලියක් (T10) තරඟාවලියක් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට අදහස් කරන බව සඳහන් කර සිටියා.

එම තරඟාවලිය වෙනුවෙන්ම විවිද සැලසුම්ද සකස් කරන බව සඳහන් කර සිටි ක්‍රිකට් ආයතනය වැඩි දුරටත් සඳහන් කර සිටියේ ප්‍රහාරක ක්‍රිකට් ක්‍රිඩකයන් මෙන්ම සංචාරක ආකර්ශනයද දිනා ගත හැකි තරඟාවලියක් බවට මෙය පත්වනු ඇති බවයි.

ඒ අනූව මෙම Sri Lanka T10 තරඟාවලිය ලබන වසරේ (2022) අගෝස්තු මාසයේදි T10 ලීග් තරගාවලියක් පැවැත්වීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් කර ඇති අතර මේ සඳහා කණ්ඩායම් 6 ක් සහභාගී වන බවද ක්‍රිකට් ආරංචි මාර්ග වාර්තා කර සිටිනවා.

මෙහිදී එක් කණ්ඩායමක්‌ සදහා විදෙස් ක්‍රීඩකයන් 06 දෙනෙකු සමඟින් කණ්ඩායමක්‌ සදහා ක්‍රීඩකයන් 16 දෙනෙකු ද, විදෙස් පුහුණුකරුවන් 02 නෙකු බැගින් 10 දෙනෙකුගෙන් යුත් පුහුණු කාර්ය මණ්ඩලක්‌ද පත් කිරීමට අවකාශය ලැබෙන බවත් වැඩි දුරටක් සඳහන් වන අතර

ඒ අනුව මෙරට ක්‍රිකට් රසිකයන්ට ලොව වේගවත්ම ක්‍රිකට් තරඟාවලියක් මෙරටදීම සියැසින් දැක බලා ගැනීමට අවස්ථාව උදා වනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7