රංගන හේරත්ගේ සාර්ථකත්වය දුටු බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් 2023 වසර දක්වාම දඟ පන්දු යැවීමේ පුහුණුකරු ධූරය රංගනට පිරිනමයි.!

ලොව බිහිවූ සාර්ථකම වමත් දඟ පන්දුයවන්නා ලෙසින් සැලෙකෙන හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක රංගන හේරත් වත්මන් බංග්ලාදේශ කණ්ඩායමේ නිත්‍ය දඟපන්දු යැවීමේ පුහුණුකරු ලෙසින් කටයුතු කරන අතර ඔහු මීට පෙර සඳහන් කර තිබුණේ පසු ගිය දා අවසන් වූ විස්සයි විස්ස ලෝක කුසලානය දක්වා පමණක් බංග්ලාදේශ කණ්ඩායම සමඟින් කටයුතු කරන බවත් ය.
නමුත් තවත් වසර දෙකක් දක්වා එනම් 2023 වසර දක්වා බංග්ලාදේශ කණ්ඩායමේ දඟ පන්දුයැවීමේ පුහුණුකරුවා ලෙසින් කටයුතු කිරීමට රංගන හේරත් එකඟතාවය පල කර ඇති බව සඳහන් වන්නේ බංගලාදේශ ක්‍රිකට් බලදාරින්ගේ දැඩි ඉල්ලීම් හමුවේය.
සැබවින්ම රංඟන හේරත්ගේ පුහුනුකාලය තුල බංගලාදේශ දඟ පන්දු යවන්නන් දැඩි සාර්ථකත්වයක් පෙන්වීමට සමත් වුයේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම මෙන්ම නවසිලන්ත කණ්ඩායමටද එරෙහිව තරඟාවලි ජයග්‍රහණය කරමිනි.
ඒ අනුව තවත් වසර දෙකක් සඳහා බංග්ලාදේශ කණ්ඩායමේ දඟපන්දු යැවීමේ පුහුණු කරු ලෙසින් කටයුතු කිරීම රංගන හේරත් හට පැවරෙනු ඇත.