Cricket NewsEXCLUSIVE

“මැච් පරදිනකොට කාමරේ ඉන්න හිතෙන්නෙම නෑ, කෑම එකක් ගන්න කඩේට විතරයි ගියෙ” – එංගලන්ත සිදුවීම ගැන ධනුෂ්ක ගුණතිලක කතා කරයි.!

ශ්‍රී ලංකාවෙන් බිහි වූ සුපිරි වේග පන්දුයවන ක්‍රිඩකයකු මෙන්ම විස්සයි විස්ස ක්‍රිකට් ආකෘතියේ බිහි වූ විශිෂ්ටතම වේග පන්දු යවන්නා ලෙස සැලකෙන ලසිත් මාලිංග සිය YouTube නාලිකාව ඔස්සේ විවිධ වැඩසටහන් සිදුකරනු ලබනවා.

එම වැඩසටහනට අද දිනයේ දී එක්වී සිටියේ පසුගිය එංගලන්ත තරග සංචාරයේදී ජෛව බුබුල නීතිය උල්ලංඝනය කිරීමේ වරදට වැරදිකරු වී වසරක ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් සහ ලක්ෂ 100 ක දඩ මුදලකට යටත්ව සිටින දනුශ්ක ගුණතිලකයි.

එහිදී ලසිත් මාලිංග සමග විශේෂ පිළිසදරක නිරත වූ දනුශ්ක ගුණතිලක එම ජෛව බුබුලේ නීතිය කඩ කිරීමේ සිද්ධිය සම්බන්ධව ද අදහස් පළ කර සිටියා.

එහිදී ඔහු සඳහන් කර සිටියේ ජෛව බුබුලේ සිදුවීම පිළිබඳව බොහෝ දෙනා වැරදි වැටහීමක සිටින බවයි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ධනුෂ්ක ගුණතිලක එම වැඩසටහනේදී ඒ සම්බන්දයෙන් පළ කර සිටි අදහස් කිහිපයක් පහතින්

“ගොඩක් අය දන්නේ නෑ එදා එතන උනේ මොකක්ද කියලා. ක්‍රිකට් වලට ආදරය කරන අය හිතන්නේ අපි බයෝ බබල් එක කඩාගෙන එළියට ගිහින් කියලා.

එහෙම එකක් තිබුණේ නෑ. අපි හොටෙල් එකෙන් හොරෙන් පැනලා ගියේ නෑ. ටීම් දෙකටම එළියට යන්න දීලා තිබුණේ කිලෝමීටරයක් දුරට. වාඩිවෙලා ඇතුළට ගිහින් කන්න එපා කියලා තිබුණා.

අපි සෙනගත් එක්ක නෙමෙයි හිටියේ. දන්න කට්ටිය දන්නවා ඒ දවස් වල එංගලන්තයේ හැම එකක්ම 11 වෙනකොට වහනවා. අපි බඩගිනි වෙලා ගියේ. අපිට කඩයක් හොයාගන්නත් බැරි වුණා. එක කඩයයි ඇරලා තිබුණේ.

ඒ කඩේ කියපු සීමාවට එහායින් තිබුණේ. අපි ඒ වෙලාවේ හිතුවේ නෑ මෙච්චර ලොකු වරදක් වෙයි කියලා.

කෑම කකා එන වීඩියෝ එකකුත් තිබුණා. මැච් පැරදිලා අපිත් අප්සට් එකේ හිටියේ. මැච් බලන අයත් අප්සට් එකේ හිටියේ. මැච් පරදිනකොට කාමරේ ඉන්න හිතෙන්නෙත් නෑ..

යනුවෙන් එම සිද්දිය පිළිබඳව ධනුෂ්ක ගුණතිලක අදහස් පල කර සිටියා.

ලසිත් මාලිංග විසින් මෙහෙය වූ ධනුෂ්ක ගුණතිලක සහභාගී වූ එම YouTube වැඩසට⁣හනේ සම්පුර්ණ වැඩසටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button