Cricket NewsEXCLUSIVELPL

Kandy ටීම් එකට හරි හමන් හෙඩ් ජියර්, පෑඩ්ස් නැත්තෙ ඇයි ? කොටින්ම Kandy Warriors දුප්පත් ඇයි ? – මෙන්න හේතුව

කතාවෙ ආරම්භය යනවා පසු ගිය වසරේ පැවැත්වුන ලංකා ප්‍රිමියර් ලිග් පළවෙනි අදියරට, ඒකෙදි ඇත්තටම කණ්ඩායම් 2කට පමණයි අයිතිකාරයන් සිටියේ.

අනිත් කණ්ඩායම් තුනම පාලනය කලේ IPG group එක. ඔවුන් හැම කණ්ඩායමක්ම සඳහා පාට්නර් කෙනෙක් හොයාගෙන තිබ්බා. සැබෑ අයිතිකාරයෝ, අයිතිකාරයා නැති කණ්ඩායම් ගැන අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය එච්චර සතුටුදායක විදිහට බලන්නේ නැහැ.

මේ පාර සීසන් එකේ(LPL 2021) කණ්ඩායම් තුනකට සැබෑ අයිතිකාරයන් සිටියා. නුවරට සහ කොළඹට අයිතිකාරයෙක් හිටියේ නැති නිසා එය IPG group එක පාලනය කරා.

නමුත් ICC ප්‍රශ්න කිරීම් වලට මුහුණ දීමට අකමැති නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අයිතිකාරයන් සොයා ගන්න උත්සාහ කළා. ඒ අනුව කොළඹ කණ්ඩායම කණ්ඩායම සොෆ්ට්ලොජික් ආයතනය විසින් මිළට ගත්තා.

නමුත් නුවර මිලට ගැනීමට කෙනෙක් සොයා ගත නොහැකි වූවා. සාමාන්‍යයෙන් ඇමරිකන් ඩොලර් මිලියන 2 ක පමණ මුදලකට මෙම කණ්ඩායමක් අලෙවි වනවා.

කවුරුත් මිලදී නොගත් නුවර කණ්ඩායම නැවත වරක් සත්කාරක IPG ආයතනය විසින් කරගෙන යනවා. ඉතිං අනිකුත් කණ්ඩායම් වගේ ලොකුවට වියදම් කරන්නෙ නෑ.

ඒ නිසා තමයි වෙනම හෙල්මට් පැඩ් එහෙම නැත්තේ. තරඟාවලිය වෙනුවෙන් ඔවුන් තබා ගැනීමක් තමයි වෙන්නේ.

LPL අනාගතය සුරැකීමට නම් නුවර කණ්ඩායමටත් අද අයිතිකරුවෙකු සොයාගත යුතුව පවතිනවා. ක්‍රිකට් ආයතනය මීට වඩා පාරදෘශ්‍ය භාවයකින් යුතුව කටයුතු කරනවා නම් අයිතිකරුවෙකු සොයාගත හැකියි.

-Vinod Bhanuka

 

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button