Cricket NewsEXCLUSIVEInternational

“මට ඉලක්කයක් නැහැ, කෙනෙක් හිතනවා නම් දින කිහිපයකින් මට දේවල් වෙනස් කරන්න පුළුවන් කියලා.. අපි ජීවත් වෙන්නෙ මෝඩයන්ගෙ රාජ්‍යයක.” – බංගලාදේශ නායක ශකීබ් අල් හසන්

ආසියානු කුසලාන තරගාවලිය ආරම්භ වීමට තවත් ඇත්තේ පැය කිහිපයක් පමණයි. හෙට රාත්‍රියේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වෙන සමාරම්භක තරඟයෙන් මෙවර තරගාවලිය ආරම්භ වන අතර මෙවර බංග්ලාදේශ කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරී ඇත්තේ බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ෂකිබ් අල් හසන් හටයි.

මෑතකාලීනව බංගලාදේශ කණ්ඩායමේ දක්ෂතාවයන් ගත්කල ඉතා පහල මට්ටමක පවතින අතර ඔවුන් පසුගියදා සිම්බාබ්වේ කණ්ඩායම ඉදිරියේ දී පවා දැවැන්ත පරාජයන් වලට මුහුණ දුන්නා.

නායකත්වයේ ප්‍රශ්න ඇතුළු ප්‍රශ්න රැසක් උද්ගත වී ඊට පෙර විස්සයි-20 නායකයා ලෙස කටයුතු කළ Mahmudullah ගේ නායකත්වයද ගැලවුණු අතර අනතුරුව ඔවුන් ක්‍රීඩකයන් කිහිප දෙනෙක් උත්සාහ කලත් අනතුරුව විස්සයි-20 කණ්ඩායමේ නායකත්වය ශකීබ් අල් හසන් හට හිමිවුනා

ඒ අනුව මෙවර ආසියානු කුසලානය බංග්ලාදේශ කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ ඔහු විසිනි. කෙසේ නමුත් පසුගියදා පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පවසා සිටියේ තමන්ට ඒ පිළිබඳ ඉලක්කයක් නොමැති බවයි.

ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ශකීබ් අල් හසන්,

“මට ඉලක්කයක් නැහැ මගෙ එකම අරමුණ බංගලාදේශය ලෝක කුසලානයේදී හොදින් දස්කම් දැක්වීමයි. කෙනෙක් හිතනවා නම් දින කිහිපයකින් මට දේවල් වෙනස් කරන්න පුළුවන් කියලා. අපි ජීවත් වෙන්නෙ මෝඩයන්ගෙ රාජ්‍යයක.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7