Cricket NewsEXCLUSIVEInternational

විරාත් කෝලි හා ඉන්දීය ක්‍රීඩකයන් විසින් පාකිස්ථානු ක්‍රීඩක ශහීන් ශා අෆ්‍රිඩිගේ සුවදුක් විමසයි – වීඩියෝව මෙතනින්

Asia Cup 2022: Kohli meets Afridi, asking about his injury

දේශපාලන සබඳතා සම්බන්ධයෙන් ගත් කල, ඉන්දියාව සහ පකිස්ථානය ‘මිතුරන්’ ලෙස හැඳින්වීමට නොහැකි නමුත් දෙරටේ ක්‍රීඩකයින් අතර ක්‍රිකට් කටයුතු සම්බන්ධයෙන් ගත් කල දේවල් වඩාත් සුහද වේ. ඉන්දියාව සහ පකිස්තාන ක්‍රිකට් කණ්ඩායම් සිය පුහුණු වීම් කරමින් සිටියදි ඉන්දීය ක්‍රීඩකයින් කිහිප දෙනෙකුට ආභාධයකට පත් වූ ෂහීන් අෆ්රිඩි හමුවිය.

ආසියානු කුසලානයෙන් ඉවත් වුවද, ෂහීන් ආසියානු කුසලානය සඳහා පාකිස්තාන සංචිතය සමඟ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් තිබේ. ඔහුගේ කණ්ඩායමේ සෙසු සාමාජිකයන් දැල්වල දැඩි වෙහෙසක් දරද්දී ෂහීන් පසෙකින් වාඩි වී සිටියේය. ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමද පුහුණු ස්ථානයට පැමිණි අතර, තුවාල ලැබූ ෂහීන් ක්‍රීඩාංගණයේ සිටිනු දැක, ඔහු සමඟ කතා කිරීමට ඔවුන් අමතක කලේ නැත.

IND Vs PAK Asia Cup 2022 Indian Team Meet Shaheen Shah Afridi Watch Video -

විරාත් කෝලි,යුස්වේන්ද්‍ර චාහල්,රිෂාබ් පාන්ට්, සහ KL රාහුල් ආභාධයට පත් වූ වමත් වේග පන්දු යවන්නා සමඟ කතාබස් කරන අයුරු දැකගත හැකි විය. කී‍්‍රඩකයන් අතර විහිළු තහළු කිහිපයක් ද හුවමාරු වී ඇති බව එම වීඩියෝවෙන් පෙනිනි . මෙම රැස්වීමේ වීඩියෝව පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය (PCB) විසින් සමාජ මාධ්‍යවල බෙදාගෙන ඇති අතර පසුව එය වේග‍යෙන් සමාජ ජාලා වල පැතිරුනි.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button