Cricket NewsEXCLUSIVE

“මේ තරඟාවලිය පටන්ගන්නත් කලින් ඉඳලා මගේ ඇඟිල්ලේ ආබාධයක් තිබුණා, ඒකයි මම අද තරගයේ බෝල් කලේ නැත්තෙ” – ශ්‍රී ලංකා නායක දසුන් ශානක

සංචාරක ඉන්දියා කණ්ඩායම සහ සත්කාරක ඉන්දියා කණ්ඩායම අතර පැවති තරඟ තුනකින් සමන්විත විස්සයි-20 තරඟාවලියේ තීරණාත්මක තෙවන තරඟය ලකුණු 91කින් ජයග්‍රහණය කරමින් 2-1ක් ලෙස වසරේ ප්‍රථම තරඟාවලිය ජයග්‍රාහිව ආරම්භ කිරීමට ඉන්දීය කණ්ඩායම අද සමත් වුනා.

මෙම තරඟයේ දී ශ්‍රී ලංකා පන්දු යවන්නන් දැඩි ප්‍රහාරයකට ලක් වූ අතර ඩිල්ෂාන් මධුශංකගෙන් ලකුණු 55ක් චාමික කරුණාරත්නගෙන් ලකුණු 52ක් මහිෂ් තීක්ෂණගෙන් ලකුණු 48ක් වනිඳු හසරංගගෙන් ලකුණු 36ක් ශා කසුන් රජිතාගෙන් ලකුණු 35ක් බැගින් ඉන්දියානු පිතිකරුවන් උදුරාගනු ලැබුවා.

මෙහිදී තරඟයේ විස්තර විචාරයේ නියැලෙමින් සිටි විචාරකයන් දිගින් දිගටම සඳහන් කර සිටියේ නායක දසුන් ශානක පන්දුව අතට ගත යුතු බවයි.

එම ප්‍රශ්නය තරඟය අවසානයේ නිවෙදහ හර්ෂා බෝග්ලේ මහතා දසුන් ශානකගෙන් විමසා සිටි අවස්ථාවේ ඔහු පවසා සිටියේ සිය ඇඟිල්ලේ අබාධ තත්වයක් හේතුවෙන් පන්දු නොයැවූ බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දසුන්,

“මගේ ඇඟිල්ලේ ආබාධයක් තිබුණා, ඒකයි මම මේ තරගයේ පන්දු නොදැමුවේ නමුත් එක්දින තරඟාවලියේ සිට පන්දු යැවීමට බලාපොරොත්තුවෙන් ඉන්නේ ”

එම මාධ්‍ය හමුව පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button