Cricket NewsEXCLUSIVEMatch Review

ලකුණු 91ක දැවැන්ත තරඟ පරාජයක් ශ්‍රී ලංකාවට උරුම කරමින් ඉන්දියාව 2-1ක් ලෙස තරඟාවලිය ජය ගනී.!

සංචාරක ඉන්දියා කණ්ඩායම සහ සත්කාරක ඉන්දියා කණ්ඩායම අතර පැවති තරඟ තුනකින් සමන්විත විස්සයි-20 තරඟාවලියේ තීරණාත්මක තෙවන තරඟය ලකුණු 91කින් ජයග්‍රහණය කරමින් 2-1ක් ලෙස වසරේ ප්‍රථම තරඟාවලිය ජයග්‍රාහිව ආරම්භ කිරීමට ඉන්දීය කණ්ඩායම අද සමත් වුනා.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

එ අනුව පන්දුවට පහර දුන් ඉන්දියා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 118ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් වුණා.

ඉන්දියාව වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කරමින් සිය දෙවන විස්සයි-20 ජාත්‍යන්තර ශතකය වර්තා කල Suryakumar Yadav පන්දු 52කදී ලකුණු 112ක් වාර්තා කිරීමට සමත් වුනා.

Shubman Gill ලකුණු 46ක් රැස් කළ අතර Rahul Tripathi ලකුණු 35ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Dilshan Madushanka කඩුලු 2ක් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 229ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන්ට පන්දුවාර 16.4ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 137ක් පමණයි

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ කුසල් මෙන්ඩිස් සහ දසුන් ශානක ලකුණු 23 බැගින් රැස් කළා.

පන්දු යැවීමේදී Arshdeep Singh කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුනා.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button