Cricket NewsEXCLUSIVE

ලකුණු 98ක් ලබා සිටි දසුන් ශානකව දවා ගැනීමට Mohammed Shami ගත් “මන්කාඩ්” උත්සාහය ප්‍රතිෂේප කරමින්, ක්‍රීඩාවේ ජීව ගුණය රැකගත් රෝහිත් ශර්මා.!

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරඟය ලෙස Barsapara ක්‍රීඩාංගනයේදී අද පැවති තරඟයෙන් ලකුණු 67ක ජයග්‍රහණයක් හිමි කර ගැනීමට සත්කාරක ඉන්දීය කණ්ඩායම සමත් වුනා.

මෙම තරගයේදී ශ්‍රී ලංකාව ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වෙමින් විශිෂ්ට ඉනිමක් දියත් කළ නායක දසුන් ශානක පන්දු 88ක් තුළ වේගවත් ලකුණු 108ක් රැස්කිරීමට සමත්වුණා. ඔහුගේ මෙම විශිෂ්ට ඉනිමට දැවැන්ත හයේ පාරවල් 3ක් සහ හතරේ පහර 12 ක් ඇතුළත් වුණා.

කෙසේ නමුත් ශ්‍රී ලංකා ඉණිමේ 49 වන පන්දුවාරයේ තෙවන පන්දු⁣වේදි සිදු වූ ආන්දෝලනාත්මක සිදුවීමක් මේ වන විට ක්‍රිකට් ලෝකයේ දැඩි කතා බහක් නිර්මාණය කිරීමට සමත්ව තිබෙනවා. ඒ 49වන පන්දුවාරයේ දෙවන පන්දුවේදී දසුන් ශානක කසුන් රාජිත සමග එක් ලකුණකට පැති හුවමාරු කර ගත් අතර ඒ අවස්ථාව වන විට දසුන් ශානකට සිය ශතකය සම්පූර්ණ කර ගැනීම සඳහා ලකුණු 2ක් අවශ්‍යව තිබූණා.

49.3 පන්දුව යොමු කළ අවස්ථාවේ, පන්දු යොමු කිරීමට පෙර අඩි කීපයක් ඉදිරියට පැමිණි සිටි දසුන් ශානකව මන්කාඩ් ක්‍රමයට හසුකර ගැනීමට මොහාමඩ් ශමී සමත් වුණා.

ඒ අනුව ඔහු විනිසුරුවරයාගෙන් එය දැවී යාමක් ලෙස සටහන් කරන මෙන් ඉල්ලා සිටි අතර විනිසුරුවරයා එය තෙවන විනිසුරුවරයා වෙත යොමු කර සිටියා. කෙසේ නමුත් එම අවස්ථාවට මැදිහත් වූ ඉන්දීය නායක රෝහිත් ශර්මා වහාම එම ඉල්ලීම ඉවත් කර ගැනීමට කටයුතු කල අතර මෙම ක්‍රියාව මේවන විට ක්‍රිකට් ලෝකයෙන්ම දැඩි කතා බහට ලක්වන්නේ ක්‍රිඩාවේ ජීව ගුණය රැක ගත් අවස්ථාවක් ලෙසටයි. කෙසේ නමුත් නවතම ICC නීති වලට අනුව මෙම මන්කාඩ් ක්‍රමය භාවිත කිරීමේ හැකියාව ද පවතිනවා.

තරඟ⁣ය අවසානයේ ඒ සම්භන්දයෙන් සිය ස්තූතිය පළ කිරීමට ශ්‍රී ලංකා නායකයා ක්‍රියා කල අතර එම අවස්ථාවේ වීඩියෝ දර්ශන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button