Cricket NewsEXCLUSIVE

උගන්ඩාවට පරදා ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායමට තරඟ 7-0 ක් ලෙසින් පූර්ණ තරඟාවලි ජයක් !

සංචාරක උගන්ඩා කණ්ඩායමත් ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායමත් අතර පවත්වනු ලබන තරඟ 7 කින් යුත් විස්සයි විස්ස තරඟාවලිය තරඟ 7-0 ක් ලෙසින් ජයගන්නට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අද ගාල්ලේදී සමත් විය.

ඒ උගන්ඩා කණ්ඩායම ලකුණු 6 කින් පරාජය කරමින්.

තරඟයේ මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම පන්දුවාර 20 තුලදී කඩුලු 5 ක් දැවී ලකුණු 167ක් රැස් කරන්නට සමත් වූ අතර අයන සිරිවර්ධන ලකුණු 33 ක් හා ලහිරු සමරකෝන් ලකුණු 30 ක් නොදැවී රැස් කලේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 168 ක් හඹා ගිය උගන්ඩාවට පන්දුවාර 20 තුලදී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 161 ක් පමණයි.

පන්දුයැවීමේදී ලහිරු සමරකෝන් කඩුලු 3 ක් බිඳ දමන්නට සමත් විය.

ඒ අනුව උගන්ඩාව පරදා ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම 7-0 ක් ලෙසින් පූර්ණ තරඟාවලි ජයක් අත්කරගන්නට සමත් විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button