Cricket NewsEXCLUSIVE

“මම තේරිම් කමිටු නිලධාරීන්ගේ පස්සෙන් ගිහින් කියන්නේ නෑ මාව තෝරා ගන්න කියලා…මට ඕනි ලකුණු ගහලා පිත්තෙන් කතා කරන්නයි.” – දිමුත් කරුණාරත්න

සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව හෙට ඇරඹෙන එක්දින තරඟාවලිය සඳහා නම් කල ශ්‍රී ලංකා සංචිතයට කලකට පසු හිටපු එක්දින නායක දිමුත් කරුණාරත්න කැඳවා තිබෙන්නේ කුසල් පෙරේරාගේ ආබාධ තත්වය හේතුවෙන්.

මෙම ඇෆ්ගනිස්තාන සංචාරයේ දක්වන දස්කම් අනුව ලෝක කුසලාන සුදුසුකම් ලබාගැනීමේ සංචිතය නම් කිරීමට නියමිත බව සඳහන්.ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් ලෝක කුසලාන තරඟාවලියේදී මෙහෙයවනු ලැබුවේ දිමුත් කරුණාරත්න විසින්.යලිත් සංචිතයට ආරම්භක පිතිකරුවෙකු ලෙසින් පිවිසි ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටින්නේ

“අනිත් රටවල් වල වගේ අපිත් ඇටෑක් කරලා සෙල්ලම් කරන්න ගියොත් අපි ඔක්කෝම අවුට් වෙනවා. මං හිතන්නේ අපිට ඕනි කවුරුහරි ගේම් එක ඕවර 40ක්වත් ඇදගෙන යන්න පුළුවන් ඉනිමක්.අනිත් අය ඒ වටා එකතු වෙලා ගහපු තරග අපි සාර්ථක වුනා.”

එමෙන්ම ඔහු තමන් ලද අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ,

“මම තේරිම් කමිටු නිලධාරීන්ගේ පස්සෙන් ගිහින් කියන්නෙ නෑ මාව තෝරා ගන්න කියලා. මොකද මම දක්ෂ නම් ඔවුන් මාව තෝරා ගනීවි. මට ඕනි ලකුණු ගහලා පිත්තෙන් කතා කරන්නයි.”

යනුවෙනි.

කෙසේ නමුත් දිමුත් සිය අවසන් එක්දින ඉනිම් හය තුලදී අර්ධශතක දෙකක්ද සමඟින් ලකුණු 30 සීමාව ඉක්මවා අවස්ථා හතරකදී රැස් කර තිබීමත් එවන් පසුබිමක ඔහුගේ නායකත්වය යටතේ අවසන් වරට මෙරටදී පැවැති එක්දින තරඟාවලි දෙකම ජයගත් සමයකදීත් ඔහුගේ නායකත්වය හා කණ්ඩායමේ ස්ථානය අහිමිවීම අදටත් ප්‍රශ්නාර්ථයකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
6
+1
1
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7