Cricket NewsEXCLUSIVE

දසුන්ගේ එක්දින නායකත්වය පිළිබඳව අවසන් තීරණය ඇෆ්ගනිස්ථාන තරඟාවලියෙන් පසුව – ලෝක කුසලානයට නව නායකයෙක් ?

සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව හෙට හම්බන්තොටදී ආරම්භ වීමට නියමිත එක්දින තරඟාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන සුදුසුකම් ලබාගැනීමේ තරඟාවලිය සඳහා එක්වීමට නියමිතයි.

එවන් පසුබිමක් තුල අභ්‍යන්තර ක්‍රීඩා ආරංචි මාර්ග සඳහන් කරන්නේ ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායම් නායක දසුන් ශානකගේ එක්දින නායකත්වය පිළිබඳව අවසන් තීරණය ඇෆ්ගනිස්තාන තරඟාවලියේ ප්‍රථිපලය මත රඳා පවතින බවයි.

දිමුත් කරුණාරත්න එක්දින නායකත්වයෙන් ඉවත් කෙරුණු පසු ඔහුගේ අනුප්‍රාප්තිකයා වූයේ දසුන් ශානකයි.දසුන්ගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ 22 ක් සඳහා එක්වූ අතර ඉන් ජයගැනීමට ඔවුන්ට හැකිවූයේ තරඟ 9 ක් පමණයි.

පසුගිය කාලවකවානුව තුල දසුන්ගේ පිතිකරණය තුල මෙන්ම නායකත්වය පිළිබඳවද ගැටලු කිහිපයක් පැනනැගුණු අතර නායකයෙකු ලෙසින් ඔහුගේ පිතිකරණ සාමාන්‍යයද දැක්වෙන්නේ 26 ක් ලෙසටයි.කෙසේ නමුත් ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ලෝක කුසලාන සුදුසුකම් ලබාගැනීමේ තරඟාවලිය සඳහා නව නායකයෙකු සමඟින් එක්වීමේ ඉහළ ඉඩක් පවතින බවයි අභ්‍යන්තර ක්‍රීඩා ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
16
+1
5
+1
16
+1
5
+1
5
+1
19

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7