Cricket NewsEXCLUSIVE

පාපන්දු ලීගයන් සමඟින් පවා උරෙන් උර ගැටෙමින් කෙටි කාලයක් තුල ලැබූ ආදායම අනුව ලොව ධනවත්ම ලීග අතර IPL දෙවැනි තැනට !

2023 අවසන් තරගය වැස්ස නිසා සිදුවුණ සිදු වීමට හැමෝම හිනාවුණා නේද? ඉන්දියානුවන් මේ අඩුපාඩුව නම් අනිවාර්යයෙන්ම ඊළඟ වාරයේ නිවැරදිම කරනු ඇත.
නමුත් දන්නවාද මේ වසරේ ඉන්දීය ප්‍රිමිය ලීගය තවත් කඩයිමක් පසු කල බව?

ලොව රටවල සියගණනක් වූ ක්‍රීඩා ලීග තරගාවලි අතරින් ලොව ධනවත්ම ලීග ලැයිස්තුවේ 12 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට IPL සමත් වූයේ එම ලැයිස්තුවේ මුල් 20 ඇතුලත සිටින එක ක්‍රිකට් ලීගය ලෙසටයි.

ඒ වගේම වැදගත්ම කරුණ නම් පැවැත්වූ තරග සංඛ්‍යාව හා සාපේක්ෂව ලැබූ ආදායම අනුව ලොව දෙවන ධනවත්ම ක්‍රීඩා ලීගය යන වාර්තාවද තමන් සතු කර ගැනීමට IPL සමත් වීමයි.

එය දෙවැනි වන්නේ ඇමරිකන් ෆුට්බෝල් ලීගයට පමණි. ( පයින් බෝලෙට ගහන අපි දන්න එක නෙවේ. රගර් වගේ සෙල්ලම් කරන එක තමයි ඇමරිකන් ෆුට්බෝල් කියන්නෙ )

එසේම එය ලොව සුපිරිම පාපන්දු තරු ක්‍රීඩා කරන එංගලන්ත ප්‍රිමි ය ලීගය, ස්පාඤ්ඤයෙ ලා ලීගා ඇතුලු ලොව සියලුම පාපන්දු ලීග අභිබවා යයි.

වසර කිහිපයකට පෙර මුල් සියය ඇතුලත හෝ නොසිටි IPL තවත් දශකයක් ඇතුලත ලීග් ක්‍රීඩා ලෝකයේම පෙරලියක් කරනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7