Cricket NewsEXCLUSIVE

“2023 ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට ගෙන ගියොත් මම සතුටු වෙනවා” – ඉන්දීය දඟ පන්දු යවන ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ 2023 තරගාවලිය මේ වසරේ සැප්තැම්බර් මසදී පැවැත්වීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය සැලසුම් කර තිබෙන බව මිට පෙර නිවේදනය කර තිබු අතර ඉදිරියේදී පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය පන්දුවාර 50 තරගාවලියක් බැවින් එය ඉලක්ක කොට මෙවර ආසියානු කුසලාන තරගාවලිය පන්දුවාර 50 තරගාවලියක් ලෙසින් මෙවර පැවැත්වෙනවා.

මේ අතර ඉන්දීයාවේ බලපෑම් හේතුවෙන් මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පාකිස්තානයේ පැවැත්වීමට කිසිදු ඉඩක් නොමැති බවත්, එහි සත්කාරකත්වය වෙනත් රටකට ලැබීමේ වැඩි ඉඩක් පවතින බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කර සිටිනවා.

ඉන්දීය ක්‍රිකට් ආයතනයේ මෙම තීරණ දැඩිව විවේචනය කරමින් ආසියානු කුසලානයේ සත්කාරකත්වය සම්බන්ධයෙන් හිටපු පකිස්ථාන නායක ජාවෙඩ් මියැන්ඩාඩ් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඉන්දීය දඟ පන්දු යවන ක්‍රීඩක අශ්වින් ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ජාවෙඩ් මියැන්ඩාඩ් ඉන්දියාව විවේචනය කරමින් පවසා තිබුනේ,“පකිස්තානයට ක්‍රිකට් ක්‍රීඩා කිරීමට පැමිණීමට අවශ්‍ය නැතිනම් ඉන්දියාවට අපායට යා හැකි” බවයි.

ඊට ප්‍රතිචාර දක්වමින් සහ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පිළිබඳව අදහස් දක්වමින් ඉන්දීය දඟ පන්දු යවන ක්‍රීඩක අශ්වින් සඳහන් කර තිබුනේ “ඒත් අපි මේක බොහෝ වාරයක් දකින්න තිබුණා නේද? අපි ආසියා කුසලානය එයාලගේ තැනට යන්නේ නෑ කිව්වම එයාලා කියයි අපේ තැනටත් එන්නේ නෑ කියලා”ලෙසයි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අශ්වින් කියා සිටියේ ඩුබායි හි තරඟාවලිය පවට්ව්හෙනවාට වඩා ශ්‍රී ලංකාවේ තරඟාවලිය පැවැත්වෙන්නේ නම් තමන් ඒ පිලිබඳ සතුටු වන බවයි.

“අවසාන තීරණය විය හැක්කේ ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට රැගෙන යාමයි. මේ තරඟාවලිය පන්දුවාර 50 තරඟාවලියක්, ඒ වගේම ලෝක කුසලානයට වැදගත් ඉදිරි ගමනක්. ඩුබායි හි බොහෝ තරඟාවලි පවත්වා ඇති බැවින් 2023 ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට ගෙන ගියහොත් මමත් සතුටු වෙනවා” යනුවෙන් අශ්වින් පවසා සිටිනවා.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
2
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7