Cricket NewsEXCLUSIVESA20

දැවැන්ත හයේ පහර 4ක් සහ හතරේ පහර 8ක් සමග පන්දු 41කදී වේගවත් ලකුණු 80ක් රැස් කරමින් කුසල් මෙන්ඩිස්ගෙන් SA20 පිටියේ ගිණිකෙලි සැණකෙළියක්.!

දකුණු අප්‍රිකාව කේන්ද්‍ර කරගනිමින් පළමු වරට පැවැත්වෙන SA20 ප්‍රිමියර් ලීග් තරඟාවලිය මේ වන විට දැඩි තරඟකාරී මුහුණුවරක් ගෙන තිබෙන අතර ⁣පළමු වටයේ අවසන් තරඟ කිහිපය මේ වන විට පැවැත්වෙනවා.

මේ වන විට Pretorius Capitals කණ්ඩායම සහ Paarl Royals කණ්ඩායම් අතර පැවැත්වෙන තරඟයේදී Pretorius Capitals කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලංකා සුපිරි ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් විසින් තරඟය පැවැත්වෙන දකුණු අප්‍රිකාවේ SuperSports Park ක්‍රිඩාංගනයම එකම ගිණිකෙළි සැණකෙළියක් බවට පත් කරමින් විශිෂ්ට ප්‍රහාරාත්මක පිතිකරණයක නියැලුනා.

කුසල් මෙන්ඩිස් මෙහිදී පන්දු 41ක් පමණක් වැය කරමින් වේගවත් ලකුණු 80ක් රැස් කිරීමට සමත් වු අතර ඔහුගේ මෙම සටන්කාමී ඉණිමට දැවැන්ත හයේ පහර 4ක් සහ හතරේ පහර 8ක් ඇතුළත් වුනා. ඉණිමේ ප්‍රහාරාත්මක වේගය 195.12ක අගයක් ගනු ලැබුවා.

කුසල් මෙන්ඩිස්ගේ විශිෂ්ට පිතිකරණයේ විශේෂ අවස්ථා පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7