Cricket NewsEXCLUSIVE

උපනායක ලේබලයට වැසෙන මෙන්ඩිස්ගේ එක්දින අසාර්ථකත්වය !

සැලකිය යුතු කලකට පසුව එක්දින තරඟාවලියක් සඳහා ශ්‍රී ලංකාව සත්කාරකත්වය ලබාදෙන්නේ මීට මාස කිහිපයකට ඉහතදීත් මෙරටදී යන්තම් ජාමේ බේරාගන්නට තරඟාවලියක් සමකරගත් ඇෆ්ගනිස්තානයට එරෙහිවයි.තවත් නොබෝ දිනකින් ශ්‍රී ලංකා කණ්ඩායම තීරණාත්මක තරඟාවලියක් සඳහා එක්වීමට නියමිතව තිබෙන්නේ සිම්බාබ්වේ දේශයේදීය.

ශ්‍රී ලංකා සීමිතපන්දුවාර කණ්ඩායමේ නිත්‍ය කඩුලුරකින්නා කුසල් මෙන්ඩිස් ය.විස්සයි විස්ස තරඟ තුල සාර්ථක පිතිකරුවෙක් වූ මුත් එක්දින තරඟ තුල මෙන්ඩිස් ගෙවාදමන්නේ අතිශය අසාර්ථක කාල සමයකි.ඔහුගේ අවසන් එක්දින තරඟ 6 තුල ඔහුගේ පිත්තෙන් කණ්ඩායමට ලැබුණු දායකත්වය කියැවුණේ ලකුණු 48 ක් ලෙසටයි.

කණ්ඩායමක පිතිකරණ බලඇණියක් තුල සමබරතාවය රඳාපැවතීම තුල පිතිකරණ අනුපිලිවලේ නොම්බර තුන තීරණාත්මක සාධකයක් වන අතර කලක පටන් මෙම පිතිකරණ ස්ථානයේ පිතිකරණයේ යෙදුනේ කුසල් මෙන්ඩිස්ය.

කණ්ඩායමේ උපනායකයා ලෙසටත් ඇන්ජලෝ මැතිව්ස් ට පසුව කාණ්ඩායමේ වැඩිම එක්දින ජාත්‍යන්තර ගණනක් ක්‍රීඩා කල ක්‍රීඩකයා ලෙසටත් මෙන්ඩිස්ගෙන් කණ්ඩායම ඔහුගෙන් තීරණාත්මක දිගු ඉනිම් අපේක්ෂා කරන නමුත් ඔහු ඔහුගේ පිත්තෙන් ඔහු කණ්ඩායමට අවශ්‍ය දායකත්වය ලබාදීමට තවමත් සමත්ව නොමැත.කෙසේ නමුත් ඔහු පිතිකරුවෙකු ලෙසින් ඔහු අවසන් වරට හොඳ රිද්මයකට පැමිණියේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිවය.

අවසන් එක්දින ඉනිම් 9 තුලම ඔහුගේ පිත්තෙන් එක්ව තිබෙන්නේ එක් අර්ධ ශතකයක් පමණයි.මුල්පෙල පිතිකරුවෙකු ලෙසින් මෙන්ඩිස් දිගු ඉනිම් කරා යෑම අඛණ්ඩව සිදු කර නොමැති අතර අදත් ඔහුගේ පිත්තෙන් ශ්‍රී ලංකා ලකුණු පුවරුවට එක්වූයේ ලකුණු 11 ක් පමණයි.දිගින් දිගටම පිතිකරුවෙකු ලෙසින් ඔහු දක්වන අසාර්ථකත්වය කණ්ඩායමේ උපනායකයා වීම නිසා කෙතරම් කලකට වසා තැබීමට හැකි වේවිද ?

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
7
+1
2
+1
4
+1
1
+1
0
+1
6

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7