Cricket NewsEXCLUSIVEUnder-19Woman Cricket

ඕස්ට්‍රේලියානු බාලිකා කණ්ඩායම පරාජය කරමින් දකුණු අප්‍රිකානු බාලිකාවෝ 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගනී

මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර බෙයුමාස් ඕවල් පිටියේදී ඊයේ(31 වැනිදා) පැවැති අවසන් පුර්ව තරගයේදී ඕස්ට්‍රේලියානු බාලිකා කණ්ඩායම කඩුලු 5 කින් පරාජය කළ දකුණු අප්‍රිකානු බාලිකාවෝ, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ වයස 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්හ.

දකුණු අප්‍රිකානු ක්‍රීඩිකා ඈෂ්ලි වැන් වික්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ඕස්ට්‍රේලියානු බාලිකා කණ්ඩායම ලකුණු 105 කට සීමා විය. දකුණු අප්‍රිකානු බාලිකාවෝ පන්දු 11 ක් ඉතිරිව තිබියදී, කඩුලු 5 කට ලකුණු 106 ක් ලබාගත්හ. පන්දු 24 කින් ලකුණු 37 ක් ලබාගත් ජෙමා බෝතා දකුණු අප්‍රිකානුවන්ට ජය මාවත විවර කර දුන්නාය.

පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ටේ්‍රලියානු බාලිකාවන් ලකුණු 12 කට කඩුලු 2 ක් බිම දමාගත් නමුත් නායිකා ලුසී හැමිල්ටන් සහ කොයිම් බ්‍රේ එක්ව කණ්ඩායම ගොඩගත්හ. කොයිම් බ්‍රේ දැවී යන විට ලකුණු 81 ක් පුවරුවේ තිබුණ නමුත් එල්ලා බි්‍රස්කෝ හැරෙන්නට සෙසු ක්‍රීඩිකාවන්ට වැඩිපුර යමක් කළ නොහැකි විය. ඈෂ්ලි වැන් වික් හමුවේ ඕස්ට්‍රේලියානු පසුපෙළ පිතිකාරිණියන්ට කළහැකි දෙයක් නැති විය.

ලකුණු 106 ක ඉලක්කය කරා යාමේදී ජෙමා බෝතා කදිම ආරම්භයක් ලබාගත්තාය. අනෙක් අන්තයෙන් ක්‍රීඩිකාවන් දෙදෙනකු දැවී ගිය නමුත් නොසැලී තම පිතිහරඹය කරගෙන ගිය බෝතා හතරේ පහර 5 කින් සහ හයේ පහර 2 කින් ඕස්ට්‍රේලියානු බාලිකාවන්ට සංග්‍රහ කළාය. හත්වැනි ඕවරයේදී ඇය දැවී යන විට ලකුණු 56 ක් පුවරුවේ තිබිණ.

කයිලා රේන්කේ (26) සහ කරාබු මේසෝ (19) එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 38 ක් එකතු කළ බැවින් දකුණු අප්‍රිකානුවෝ ඉලක්කය ආසන්නයට පැමිණියහ. ජයග්‍රහණය පෙනි පෙනී රේන්කේ දැවී ගියත් එයින් දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන්ට සිදුවූ හානියක් නැත. දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවෝ අපරාජිතව අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්හ.

 

ඕස්ට්‍රේලියානු 19 න් පහළ බාලිකාවෝ – ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 105 යි
(ලුසී හැමිල්ටන් 18, කොයිම් බ්‍රේ 36, එල්ලා බි්‍රස්කෝ 27, ඈෂ්ලි වැන් වික් 17/4)

දකුණු අප්‍රිකානු 19 න් පහළ බාලිකාවෝ – ඕවර 18.1 කදී කඩුලු 5 ට 106 යි
(ජෙමා බෝතා 37, කයිලා රේන්කේ 26, කරාබු මේසෝ 19, හස්රාට් ගිල් 20/2, ලුසී හැමිල්ටන් 17/2)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button