Cricket NewsEXCLUSIVEInternational

රාබඩා සහ ඩී කොක් බංගලාදේශය සුණු විසුණු කරයි – දකුණු අප්‍රිකාවට කඩුලු 7ක පහසු ජයක්.!

බංග්ලාදේශ කණ්ඩායමේ දකුණු අප්‍රිකා තරඟ සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලිය 1-1ක් ලෙස සම තත්වයට ගෙන ඒමට සත්කාරක දකුණු අප්‍රික කණ්ඩායම සමත් වුයේ දෙවන තරඟයෙන් බංගලාදේශ කණ්ඩායමට දැවැන්ත පරාජයක් උරුම කරමිනි.

අද(20) ජොහැනස්බර්ග් හි පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 7ක ජයග්‍රහණයක් වාර්තා කරමින් දකුණු අප්‍රිකානුවන් මෙලස තරඟාවලිය සම කරනු ලැබුවා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශයට නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 194ක් පමණයි.ඒ, ඉනිමේ පළමු කඩුලු 5 ලකුණු 34ක් තුළ දැවී ගිය පසුබිමකයි.

කෙසේ වෙතත්, අනතුරුව මහ්මුදුල්ලාහ් ලකුණු 25ක් ද, අෆිෆ් හොසේන් ලකුණු 72ක් ද, මෙහිදි හසාන් මිරාස් ලකුණු 38ක් ද වාර්තා කරමින් බංග්ලාදේශය යම් ගෞරවනීය ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට සමත් වුනා.

පන්දු යැවීමේ දී කාගිසෝ රබාඩා ලකුණු 39කට කඩුලු 5ක් දවා ගත්තේ බංගලාදේශ ඉනිම සුනු විසුනු කරමිනි.

ඒ අනුව ලකුණු 195ක පහසු ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි දකුණු අප්‍රිකාව පන්දුවාර 37.2 ක් අවසානයේ කඩුලු 3ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කර යාමට සමත් වුනා.

ක්වෙන්ටන් ඩී කොක් පන්දු 41කින් වේගවත් ලකුණු 62ක් රැස් කළා. ඒ, හයේ පහර 2ක් හා හතරේ පහර 9ක් සමගිනි,Kyle Verreynne නොදැවී ලකුණු 58යි. නායක ටෙම්බා බවුමා ලකුණු 37කට දැවී ගියා.

පන්දු යැවීමේ දී මෙහිදි හසාන් මිරාස්, ශකිබ් අල් හසාන් හා අෆිෆ් හොසේන් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

තරඟයේ කෙටි ලකුණු සටහන පහතින්,

Bangladesh 194/9 (50)
South Africa 195/3 (37.2)
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button