Cricket NewsEXCLUSIVE

උපනායක ලේබල් අලවා වසා දමන මෙන්ඩිස්ගේ අසාර්ථකත්වය !

කුසල් මෙන්ඩිස් යනු මෙරට ක්‍රීඩා ලෝලීන්ට නම් නුපුරුදු නාමයක් නොවේ.සාර්ථකත්වය තුල ඇසෙනවාට වඩා වැඩි වාර ගණනක් අසාර්ථකත්වය තුල ඔහුගේ නාමය නිරන්තරෙන් ඇසෙන බව නොරහසක්.

වසර 8 කට වැඩි කලක් ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ රැඳෙන්නට ලැබූ මෙන්ඩිස් වත්මන් කණ්ඩායමේ උපනායකයා ය.

උපනායක ලේබලය තවත් කුසල් මෙන්ඩිස්ගේ අසාර්ථකත්වය වසා දමන්නට රුකුල් දෙන කරුණක්.

අවසන් ටෙස්ට් තරඟ 5 තුලදී මෙන්ඩිස් රඳවා ගන්නේ ලකුණු 19 ක සාමාන්‍යක්.

පිතිකරුවෙකු ලෙසින් ඔහු කණ්ඩායමේ තීරණාත්මක පිතිකරණ ස්‍ථානය වන නොම්මර තුනෙහි වගකීම ඔහු සතු වනවා.නමුත් ඔහුට එහි ලද අවස්‍ථා ගණනට ඔහු සාධාරණයක් කල අවස්ථාවක් නම් නොමැති තරම්.

29 හැවරිදි මෙන්ඩිස් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ පළමු පිතිකරුවාගෙන් ලකුණු 40 සීමාව පසුනොකල එකම පිතිකරුවාද වනවා.එය 36 ක අගයක් ගෙන තිබීමත් විශේෂත්වයක්.

වත්මන් ක්‍රිකට් තරඟ රටාව තුල සිටින දුර්වලම නොම්මර තුන පිතිකරුවන් අතර ඔහු ඉදිරියෙන්ම රැඳී සිටින බවට මේ කරුණු දැක්වීම ප්‍රමාණවත්.

ශ්‍රේණිගත කිරීම්හි මුල්ස්ථාන 6 පසුවන කණ්ඩායම් සමඟ ඔහුගේ සාමාන්‍ය 28 ක්

අවසන් වරට ඔහු මව්බිමෙන් පිට එම කණ්ඩායමකට එරෙහිව ශතකයක් රැස් කර තිබෙන්නේ 2018 වසරේදීයි.

සංස්කරණ තුනක් තුලදීත් ලෝක ටෙස්ට් ශූරතාවලිය තුල එකදු ශතකයක් හෝ ඔහු ලබා ගෙන නැහැ.

අවසන් වරට කුමන හෝ කන්ඩායමකට එරෙහිව ඔහු ටෙස්ට් ශතකයක් ලබා තිබෙන්නේ 2020 වසරේදීයි.

මෙවන් අසාර්ථකත්වයක් වසා දමන්නට උපනායක ලේබලය ප්‍රමාණවත් නොවන පසුබිමක ඔහුට කඩුලු රැකීමේ වගකීම පවරා තිබීමත් හාස්‍යයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
0
+1
8
+1
0
+1
3
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button