Cricket NewsDomestic CricketEXCLUSIVE

නිර්මලගේ කඩුලු ත්‍රිත්වය බදුරලිය ක්‍රීඩා සමාජයට ජය ගෙනෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ මේජර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ බී.ආර්.සී. කණ්ඩායමට එරෙහිව බී.ආර්.සී. ක්‍රීඩාංගණයේ ඊයේ (23 වැනිදා) පැවැති තරගයේදී කඩුලු ත්‍රිත්වයක් දවාගනිමින් සිය කණ්ඩායමට ලකුණු 76 ක ජයක් අත්කර දීමට බදුරලිය කණ්ඩායමේ වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක නිර්මල රත්නායක සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 218 ක ඉලක්කයක් හඹාගිය බී.ආර්.සී. කණ්ඩායමට නිර්මල ප්‍රමුඛ බදුරලිය පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීඹ හමුවේ ඕවර 37.1 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 141 ක් පමණි. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ නිර්මල නිලකුණු ඕවර 2 ක්ද සමග ඕවර 8 ක් යවමින් ලකුණු 13 කට කඩුලු 4 ක් බිඳහෙළීය.

ඊයේ දිනයේදී තවත් මූලික වටයේ තරග 8 ක් පැවැති අතර එහිදී ජයග්‍රහණ වාර්තා කිරීමට සෙ‍බස්තියනයිට්ස්, රාගම, කෝල්ට්ස්, මුවර්ස්, පානදුර, එන්.සී.සී., හලාවත මේරියන්ස් සහ එස්.එස්.සී. කණ්ඩායම් සමත් විය. එම තරගවලදී පිළිවෙලින් ද්‍රවිඩ සංගම්, ගාල්ල, මීගමුව, කුරුණෑගල යොවුන්, යුද හමුදා, මහනුවර රේගු, බ්ලූම්ෆීල්ඩ් සහ නුගේගොඩ යන කණ්ඩායම් පරාජයට පත් විය.

රාගම පිලේ යොහාන් ලියනගේ (58), සන්තුෂ් ගුණතිලක (61), ජනිත් ලියනගේ (62), ගාල්ල පිලේ විශ්ව විජේරත්න (59), ඕෂධ ප්‍රනාන්දු (89), ඉරෝෂ් සමරසූරිය (88), එන්.සී.සී. පිලේ පැතුම් නිස්සංක (90), ළහිරු උදාර (52), කමිල් මිෂාර (76), මහනුවර රේගු පිලේ තෙවිඳු දික්වැල්ල (71), හසිත නිර්මාල් (58), ද්‍රවිඩ සංගම් පිලේ රොන් චන්ද්‍රගුප්ත (68), රවිඳු ප්‍රනාන්දු (52), හලාවත මේරියන්ස් පිලේ ලක්ෂිත ලක්ෂාන් (53), රවීන් යසස් (54) එහිදී අර්ධ ශතක ලබාගත්හ.

ඔවුන්ට අමතරව බදුරලිය පිලේ පර්වේස් රසූල් (57), බී.ආර්.සී. පි‌ලේ (දුලාෂ් උදයංග 60), මීගමුව පිලේ පසිඳු ලක්ෂාන් (61), කෝල්ට්ස් පිලේ ෂෙරාන් ෆොන්සේකා (51), මුවර්ස් පිලේ සොහාන් ද ලිවේරා (නොාදැවී 50), එස්.එස්.සී. පිලේ නුවනිඳු ප්‍රනාන්දු (50) සහ නුගේගොඩ පිලේ කෙවින් පෙරේරා (55) ද අර්ධ ශතක ලබාගත් අතර සෙ‍බස්තියනයිට්ස් පිලේ තුලින දිල්ෂාන් සහ හලාවත මේරියන්ස් පිලේ පුලින තරංග කඩුලු 5 බැගින් දවාගත්හ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button