Cricket NewsEXCLUSIVE

“එළඹෙන විස්සයි-20 ලෝක කුසලාන තරඟාවලියේත් මහේල ජයවර්ධන ශ්‍රි ලංකා කන්ඩායමේ පුහුණු උපදේශක ලෙස කටයුතු කරනවා” – ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා තහවුරු කරයි.!

ශ්‍රි ලංකා හිටපු නායක සහ වර්තමානයේ දක්ෂ පුහුණුකරුවෙක් ලෙස කටයුතු කරන මහේල ජයවර්ධන එළැඹෙන විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රි ලංකා කන්ඩායමේ පුහුණු උපදේශක ලෙස කටයුතු කිරීමට සූදානම් බව තේරිම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබෙනවා.

ඒ සියත FM ප්‍රවෘත්ති විකාශය හා එක්වෙමිනුයි.

මහේල ජයවර්ධන ගියවර විස්සයි විස්ස ලෝක කුසලානයේ ද ශ්‍රි ලංකා කන්ඩායමේ උපදේශක ලෙස සම්බන්ධ වූ අතර එහිදී ඔහු සිදුකල වෙනස් කිරීම්වල ප්‍රතිඵල අද ශ්‍රි ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් සහ ප්‍රේක්ෂක අප භුක්ති විදිනවා.

මුල්පෙල පිතිකරුවෙක් ලෙස අසාර්ථක වී සිටි භානුක රාජපක්ෂ නොම්බර පහ පිතිකරුවෙක් ලෙස මැදපෙල පිතිකරුවෙක් බවට පත් කිරීම මෙන්ම අද ලෝක විස්සයි-20 ශ්‍රේණිගත කිරීම්වල හොදම දහදෙනා අතර සිටින පැතුම් නිස්සංක විස්සයි-20 සංචිතයට කැදවන්නේද මහේල ජයවර්ධනගේ අදහස් මතයි.

තේරිම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශය පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7