Cricket NewsEXCLUSIVEInternational

“ඕස්ට්‍රේලියාවට හෝ ඉන්දියාවට පැරදුනා නම් මෙච්චර දුකක් නෑ, දුක සිම්බාබ්වේට පැරදුන එක” – බංගලාදේශ නායක Tamim Iqbal

බංගලදේශයේ සමඟ පැවැති විස්සයි-20 තරඟාවලිය සේම එක්දින තරඟාවලියද ජයග්‍රහණයකින් අවසන් කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වුණේ 2-1ක් වශයෙන් බංගලාදේශයට අමතක නොවන තරඟාවලි පරාජයක් උරුම කරමිනි.

මෙම දැවැන්ත තරඟාවලි පරාජයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් බංග්ලාදේශ එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක Tamim Iqbal ප්‍රකාශ කර තිබුණේ පැරදුණේ ඕස්ට්‍රේලියාවට ඉන්දියාවට නම් දුක නැති බවයි. විරාට් කෝලි ස්ටීවන් ස්මිත් වැනි ක්‍රීඩකයින්ගේ ශතක සමඟින් මෙම කණ්ඩායමට තමන් පරාජය වූවානම් එම පරාජය මෙතරම්ම දැනෙන්නේ නැති බවටත් ඔහු පැවසීය.

ඒ පිළිබඳව බංගලාදේශ නායකයා වැඩිදුරටත් මෙලෙස සඳහන්කර සිටියා.

“අපි ඕස්ට්‍රේලියාවට හෝ ඉන්දියාවට පැරදුණා නම්, ඒ කියන්නෙවිරාට් කෝලි හෝ ස්ටීවන් ස්මිත් අපට එරෙහිව එවැනි දැවැන්ත පහරවල් එල්ල කළා නම්, අපිට එය සිතන්නෙ නැතුව ඉන්න තිබුනා. ඔවුන් ඉහළම ක්‍රීඩකයින්. ඔවුන් ඉහළම කණ්ඩායම්. අපිට කරන්න දෙයක් තිබුණේ නැහැ. මම සිම්බාබ්වේ කණ්ඩායම හෑල්ලු කරන්නේ නැහැ. සිකන්දර් රාසා, රෙජිස් චකබ්වා සහ අහිංසක කයියා ඇදහිය නොහැකි තරම් හොඳින් ක්‍රීඩා කලා. නමුත් අපගේ එක්දින කණ්ඩායම තුළ අපට දියුණු වීමට බොහෝ දේ තිබෙන බවයි මෙයින් තහවුරු වුනේ.”

විස්සයි-20 තරඟාවලි සාරංශය (2-1ක් ලෙස සිම්බාබ්වේ කණ්ඩායමට තරඟාවලි ජයග්‍රහණය)

පළමු විස්සයි-20 තරඟය – සිම්බාබ්වේ කණ්ඩායමට ලකුණු 17ක ජයක්
දෙවන විස්සයි-20 තරඟය – බංග්ලාදේශ කණ්ඩායමට කඩුලු 7ක ජයක්
තෙවන විස්සයි-20 තරඟය – සිම්බාබ්වේ කණ්ඩායමට ලකුණු 10ක ජයක්

එක්දින තරඟාවලි සාරංශය (2-1ක් ලෙස සිම්බාබ්වේ කණ්ඩායමට තරඟාවලි ජයග්‍රහණය)

පළමු එක්දින තරඟය – සිම්බාබ්වේ කණ්ඩායමට කඩුලු 5ක ජයක්
දෙවන එක්දින තරඟය – සිම්බාබ්වේ කණ්ඩායමට කඩුලු 5ක ජයක්
තෙවන එක්දින තරඟය – බංග්ලාදේශ කණ්ඩායමට ලකුණු 105 ජයක්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button