Cricket NewsEXCLUSIVEInternational

“කිසිම හේතුවක් නැතුව මාව පාකිස්තාන සංචිතවලින් ඉවත් කිරීම පිලිබඳව මම පාකිස්තාන ක්‍රිකට් ආතනයට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගන්නවා..” පකිස්තානු ක්‍රීඩක ඉමාඩ් වසීම්

ඉදිරිපෙල දඟ පන්දු යවන්නෙකු මෙන්ම තුන්ඉරියව් ක්‍රීඩකයෙකු ලෙසින්ද පකිස්තානු සීමිත පන්දුවාර කණ්ඩායම් නියෝජනය කල ඉමාඩ් වසීම් මෙවර ආසියානු කුසලානය සඳහා නම් කල පකිස්තානු සංචිතයට ඇතුලත්ව නැහැ.

අවසන් වසරක පමණ කාලය තුල පකිස්තානු සීමිත පන්දුවාර කණ්ඩායම් තුල ඉමාඩ් වසීම් හට වැඩි තරඟ ගණනන් නියෝනජනය කිරීමට අවස්ථාව නොලැබීම කැපී පෙනුණි.

කෙසේ නමුත් මෙවරත් ඔහු ආසියානු කුසලාන සංචිතයෙන් නෙරපා තිබීම පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ තමන් පකිස්තානු ක්‍රිකට් ආයතනයට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගැනීමට සැරසෙන බවයි.

“කිසිම හේතුවක් නැතුව මාව පාකිස්තාන සංචිතවලින් ඉවත් කිරීම පිලිබඳව මම පාකිස්තාන ක්‍රිකට් ආතනයට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගන්නවා..”

යනුවෙන් ඔහු එහිදී මාධ්‍ය වෙත කියා තිබුනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button