Cricket NewsEXCLUSIVELegends Series

ඉම්රාන් තහීර්ගෙන් ඉන්දීය පන්දු යවන්නන්ට ගිණි කෙළි සැණකෙළියක් – ඉන්දියාව පැරදු World Giants සිය ප්‍රථම ජය තහවුරු කරයි.!

අතීතයේ ක්‍රිකට් පිටිය රජ කර පසුව ක්‍රිකට් දිවියට විශ්‍රාම දුන් ලොව වටා ප්‍රවීණ ක්‍රිකට් තරු සම්බන්ද කරගනිමින් පසුගිය වසරේ පැවති Road Safety World Series තරඟාවලායේ තවත් දිගුවක් ලෙස ඕමානයේ අල් අම්රත් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන Legends League තරඟාවලියේ සිය ප්‍රථම ජයග්‍රහණය වාර්තා කිරීමට World Giants කණ්ඩායම ඊයේ සමත් වුනා.

තරඟයේ ජයග්‍රණය සඳහා ලකුණු 210 ක ඉලක්කයක් හඹාගිය වර්ල්ඩ් ජයන්ට්ස් ක්‍රීඩකයෝ පන්දු 3 ක් ඉතිරිව තිබියදී කඩුලු 7 ක් දැවී එම ඉලක්කය සපුරාගත්හ.

9වැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි ඉම්රාන් තාහීර් වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 19 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 52 ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.

ආරම්භක පිතිකරු කෙවින් පීටර්සන් පන්දු 27 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 53 ක් රැස්කරමින් වර්ල්ඩ් ජයන්ට්ස් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දුන්නේය.

බ්‍රැඩ් හැඩින් පන්දු 13 කදී හයේ පහර 2 ක් සමග ලකුණු 21 ක්ද, නායක ඩැරන් සැමී පන්දු 11 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 28 ක්ද, මෝනි මෝකල් පන්දු 15 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 21 ක්ද රැස්කරමින් ජයග්‍රහණය සඳහා දායකත්වය දැක්වූහ.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියා මහරාජාස් කණ්ඩායම ආරම්භක පිතිකරු නාමන් ඕජාගේ ප්‍රවේගකාරී පිතිහරඹය හමුවේ ඕවර 20 අවසන් වන විට කඩුලු 3 ක් දැවි ලකුණු 209 ක් රැස්කළේය.

එහිදී පන්දු 68 කට මුහුණදුන් ඕජා හයේ පහර 9 කින් සහ හතරේ පහර 15 කින් සිය ශතකය සැරසුවේය. එය මෙම තරගාවලියේදී මෙතෙක් වාර්තා වූ එකම ශතකයද විය.

ලකුණු 15 කට කඩුලු 2 ක් බිඳවැටී තිබියදී නායක මොහොමඩ් කයිෆ් (නොදැවී 53) සමග එක්ව පන්දු 109 කදී ලකුණු 187 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගීමටද ඕජා සමත් විය.

පන්දු 47 කදී වාර්තා වූ කයිෆ්ගේ අර්ධ ශතකය හයේ පහර 3 කින් සහ හතරේ පහරකින් සමන්විත විය. එහිදී වසීම් ජාෆර් සහ සුබ්‍රමනියම් බද්‍රිනාත් ලකුණු ලබාගැනීමටත් පෙර පිට පිටම පන්දු දෙකකදී පිටියෙන් ඉවත් කිරීමට රයන් සයිඩ්බොටම් සමත් විය.

ඉම්රාන් තහීර්ගේ සුපිරි ප්‍රහාරය පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7