Cricket NewsEXCLUSIVEInternational

කොදෙව් පන්දු යවනන්ගේ සුපිරි පන්දු යැවීම හමුවේ එංගලන්ත පිතිකරුවන් අන්ත අසරණ වෙයි.!

ජේසන් හෝල්ඩර් ප්‍රමුඛ පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව බාර්බඩෝස්හි බ්‍රිජ්ටවුන් නුවර කෙන්සිංටන් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු විස්සයි-20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් කඩුලු 9 ක ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඊයේ (22 වැනිදා) සමත් වුනා.

ජයග්‍රහණය සඳහා ලකුණු 104 ක ඉලක්කයක් හඹාගිය කොදෙව්වෝ ඕවර 17.1 ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී එම ඉලක්කය සපුරාගත්හ.

එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ බ්‍රෙන්ඩන් කිං පන්දු 49 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 52 ක් රැස්කරමින් කොදෙව් ජයග්‍රහණය ඉක්මන් කළා.

ශායි හෝප් (20) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 55 කදී ලකුණු 52 ක සම්බන්ධතාවක් ගොඩනැගූ බ්‍රෙන්ඩන් කිං, ඉන් නොනැවතී නිකලස් පූරන් (නොදැවී 27) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 48 කදී ලකුණු 52 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළා.

පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායමට ජේසන් රෝයි ප්‍රමුඛ කොදෙව් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 19.4 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 103 ක් පමණි.

එහිදී එංගලන්ත පිතිකරුවන් 6 දෙනෙකුම ලකුණු 10 සීමාව පසුකර යෑමටත් පෙර පිටියෙන් ඉවත් කිරීමට කොදෙව් පන්දු යවන්නෝ සමත් වුනා.

විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ හෝල්ඩර් නිලකුණු ඕවරයක්ද සමග ඕවර 3.4 ක් යවමින් ලකුණු 07 කට කඩුලු 4 ක් දවාගැනීමට සමත් විය.

එය විස්සයි-20 තරගයකදී ඔහුගේ හොඳම පන්දු යැවීම ලෙසද සටහන් විය. ෂෙල්ඩන් කොට්‍රල් ලකුණු 30 කට කඩුලු 2 ක් දවාගත් අතර ෆේබියන් ඇලන්, අකීල් හොසේන් සහ රොමාරියෝ ශෙපර්ඩ් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7