Cricket NewsEXCLUSIVELPL

ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය LPL 2022 තරඟාවලිය සඳහා විදෙස් ක්‍රීඩකයන්ට එක් වීමට දින නියම වෙයි.!

ශ්‍රී ලාංකේය ක්‍රිකට් වංශ කතාව තවත් පියවරක් ඉදීයට තබමින් සංවිධානය කරන ලද ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ තෙවැනි දිග හැරුම එළඹෙන ජුලි 31 වැනදා සිට ආරම්භ කිරීමට සියලු සැලසුම් සකස් කොට තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී සිටියි.

ජුලි 31 වැනිදා ආරම්භ වන තරගාවලිය අගෝස්තු 21 දක්වා වූ කාල සීමාවේදී පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විස්සයි-20 තරගාවලිය ලෙසින් බොහෝ දෙනා බලා සිටි LPL ජාත්‍යන්තර ෆ්‍රැන්චයිස් තරගාවලිවල රසය රැගෙන මෙවරත් කොළඹ ආර් ප්‍රේමදාස සහ හම්බන්තොට මහින්ද රාජපක්ෂ යන ක්‍රීඩාංගණවලදී පැවැත්වෙනු ඇත.

පෙර තරගාවලියේ පරිදිම කණ්ඩායම් 5 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන අතර මූලික වටයේ තරග සියල්ලම කොළඹදීද අවසන් වටයේ තරග හම්බන්තොටදීද පැවැත්වෙනු ඇත.

මේ අතර LPL 2022 තරඟාවලිය සඳහා ජාත්‍යන්තර ක්‍රීඩකයන් ලියාපදිංචි කර ගැනීම ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සුදානමින් සිටින බව අද දිනයේ විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කල එම මාධ්‍ය නිවේදනය පහතින්..

2022 ජූනි 14 වැනි දින මාධ්‍ය නිවේදනය

2022 ජූනි 14 වැනි දින සිට ආරම්භ වන ලංකා ප්‍රිමියර් ලීගයේ 3 වැනි සංස්කරණය සඳහා ‘විදේශීය ක්‍රීඩකයින් ලියාපදිංචිය’ ආරම්භ කිරීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කිරීමට බලාපොරොත්තුවෙන් සිටි. විදේශීය ක්‍රීඩකයින් “International Ruby” වැනි කාණ්ඩ කිහිපයක් යටතේ ලියාපදිංචි කෙරේ.

ඒ “International Sapphire, International Diamond, “A and B”,සහ International Platinum ලෙසයි. විදේශීය ක්‍රීඩකයින් සඳහා වන සුදුසුකම් නිර්ණායකය ක්‍රීඩක කෙටුම්පතට ඇතුළත් වන Ruby සහ Sapphire ජාත්‍යන්තර ක්‍රීඩකයින් ඔවුන්ගේ රටේ ජාතික ක්‍රිකට් සම්මේලනය තුළ ලියාපදිංචි ක්‍රිකට් ක්‍රීඩකයින් විය යුතුය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7