Cricket NewsEXCLUSIVE

අඩුම පන්දුවාර ගණනකින් නිමා වූ ටෙස්ට් තරඟය ලෙසින් ඉන්දු දකුණු අප්‍රිකා දෙවන ටෙස්ට් තරඟය වාර්ථා අතරට !

දකුණු අප්‍රිකානු කණ්ඩායමත් ඉන්දීය කණ්ඩායමත් අතර පැවැති ටෙස්ට් තරඟාවලියේ දෙවැනි ටෙස්ට් තරඟය නිමාව දුටුවේ ඉන්දීය කණ්ඩායමට කඩුලු 7 ක ජයක් උරුම කරමින්.

අද නිමාව දුටු මෙම තරඟය ක්‍රිකට් ඉතිහාසයට එක්වූයේ වාර්ථාගත අයුරින්.

අඩුම කාලයක් තුල අවසන් වූ ටෙස්ට් තරඟය බවටයි මෙය වාර්ථා අතරට එක්වූයේ.

සමස්ත තරඟයේ ඉනිම් හතරම නිමා වීමට ගතවූයේ දින එකහමාරක් පමණයි.සැසි වශයෙන් ගත් කල එය පහක්.එම සැසි පහ තුල ක්‍රියාත්මක කලේ පන්දුවාර 107 ක් පමණයි.එනම් තරඟය ක්‍රියාත්මක වූයේ පන්දු 602 ක් තුලයි.

අඩුම පන්දුවාර/පන්දු ගණනකින් නිමා වූ ටෙස්ට් තරඟය බවටයි මෙය වාර්ථා පොත් අලුත් කලේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button