Cricket GossipEXCLUSIVESri Lanka

LPL හි ප්‍රධාන සංවිධායකු වූ Thorzගේ Tomorrowland, වලට පවා දෙවැනි නොවන, ලංකාවෙ “EMF ප්‍රසංගය අදයි.!

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ අති උත්කර්ෂවත් ලෙස පැවති ලංකා ප්‍රිමියර් ලීග් 2021 තරගමාලාවේ සංවිධායකවරයෙකු Thorz විසින් පවත්වනු ලබන Electric Mask Festival හෙවත් EMF ප්‍රසංගය අද දිනයේදී කොළඹ පෝට් සිටි හිදී තවත් සුලු මොහොතකින් අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට නියමිතයි.

EMF ලෝකයේ අති ජනප්‍රිය Tomorrowland ආකෘතියට පැවැත්වෙන අතර ලොව වටා ප්‍රමුඛතම සංගීත සන්නාම වන Wolf Pack / Brave Radio ඇතුළු සුපිරි තරු සහබාගී වීමට නියමිතයි.

තවත් සුළු මොහොතකින් ආරම්භවීමට නියමිතව ඇති මෙම ප්‍රසංගයේ සියලුම ටිකට්පත් මේ වන විට අලෙවි වී අවසන් බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ දියුණුව තේමා කරගනිමින් පැවැත්වෙන මෙම ප්‍රසංගය එළඹෙන දෙසැම්බර් මාස පැවැත්වෙන සුපිරි ප්‍රසංගයක පෙරහුරුවක් ලෙස හැඳින්වෙනවා.

එදා මෙදා තුර ඉතිහාසයේ ශ්‍රි ලංකාවෙි පැවැත්වෙන වෙනස්ම ආරක සංගීත ප්‍රසංගයට ශ්‍රී ලාංකීය ක්‍රිකට් රසිකයන් ලෙස අප අපගේ උණුසුම් සුබ පැතුම් එක් කරන්නෙමු.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7